spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායක ගුවන් තොටේ duty free එකේ තියෙන්නේ බාලඅරක්කුද ? හේතුව ඇමති සිරිපාලද ?

Must read

imagesරටගිහින් එන අය වැඩි දෙනෙක් නොවරදාම යන තැනක් තමයි ඩියුටි ෆ්‍රී සාප්පුවේ සැර බීම අංශය. හැබැයි දැන් මෙතන තියෙන සැර බීම වල ගුණත්වය පිළිබදව සමහරක් දෙනෙක් ප්‍රශ්ණ මතුකරන්න පටන් අරගෙන.
වැඩිදෙනෙක් කියන්නේ එතන දැන් තියෙන්නේ ඩුප්ලිකේට් එවා කියල
මීට කලින් මෙතන සැරබිම ඇතුළු තවත් දේවල තිබුණ තැන් දෙකක් තිබුණා. මේ එකක් පවත්වාගෙන ගියේ ලෝකේ ගුවන්තොටුපලවල් වැඩි ගණන ඩියුුටි ෆ්‍රි පවත්වාගෙන ගිය ස්විටර්ලන්ත සමාගමක්.
ඒක එහා පැත්තේ තිබුනේ බැසිල් රාජපක්ෂලා විසින් පටන් ගත්තු ෆිලෙමින්ගෝ කියන ඉන්දියන් සමාගමේ සැර බිම කැල්ල.
ඒ කාලෙත් ෆිලෙමින්ගෝලාගේ සැර බිම ගැන ගැටළු තිබුණා.LLB10-EA
සුපක්‍රට ප්‍රංශ බ්‍රැන්ඩි වර්ගයක් වෙච්ච බීහව් මේ තැන් දෙකේම විකුණුවත් ෆ්ලෙමින්ගෝලා ගාව තිබුනේ ඩුප්ලිකේට් එක කියලයි දන්න කට්ටිය කියන්නේ
මෙහෙම තිබුණ තත්වය පහුගිය මාර්තු මාසෙන් පස්සේ නරකම අතට වැටුනේ  මේ තැන් දෙකම ගැටළු සහගත ටෙන්ඩරකින් ෆ්ලෙමින්ගෝ සමාගමට අයිති වෙච්ච නිසා.
ලංකා ඩේලි වෙබ් අඩවිය මේ ටෙන්ඩර ගැටළුව ගැන තොරතුරු සහිත දිර්ඝ ලිපියක් ලියමින් කියා සිටියේ යහපාලන රජයේ ඉහල ඇමතිවරයෙක් මිලියන 500 ක ගණුදෙනුවකට මේ ටෙන්ඩරය ෆ්ලෙමින්ගෝලට දිලා තියෙනව කියලයි.
පහත පළවෙන්නේ ඒ ලිපියෙන් කොටසක් ….

ක‍ටුනායක , බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තො‍ටුපොලෙහි තීරුබදු රහිත සාප්පු සංකීර්ණ දෙකම කැබිනට් මණ්ඩල නියෝග උල්ලංනේ ඝනය කරමින් ෆ්ලෙමින්ගෝ නම් ඉන්දීය සමාගමකට හා එහිම අනු සමාගමකට ලබාදීමට මෙරට බලධාරීන් කටයුතු කර ඇත්තේ රුපියල් මිලියන 500ක සංතොසම් මුදලක් නිසා බවට තොරතුරු හෙළිවෙමින් පවතී

මෙහිදී ඉතා දැනුවත්ම ටෙන්ඩර් මගඩියක් සිදු කර තිබෙන බව අනාවරණය වෙමින් පවතී. මෙම ටෙන්ඩර් කැඳවීම සිදු කර ඇත්තේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මඟින්. එම ඇමැතිවරයා වන්නේ නිමල් සිරිපාලද සිල්වාය.

ගුවන්තො‍ටුපොල පරිශ්‍රයේ පිහිටා ඇති තීරුබදු රහිත සාප්පු සංකීර්ණ දෙක (space 1/2) සඳහාම එකවර ටෙන්ඩර් කැඳවීම මුලින් සිදු කර තිබුණත් එවර ඉතා සටකපට ලෙස ටෙන්ඩර් කොන්දේසී වෙනස් කරමින් හා අදාල ඉන්දීය සමාගම හා අවබොධයකින් යුතුව ටෙන්ඩරය සම්බන්ධයෙන් කටයුතු කිරීමත් සිදුව තිබෙන බවට තොරතුරු අණාවරණය වෙමින් තිබේ.
කටුනායක ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පු දෙක බදු දීම සඳහා වන ටෙන්ඩරය ප්‍රසිද්ධ කරන්නේ 2016 මැයි මස 08 වන දිනය. ඒ සඳහා සමාගම් 6ක් ඉදිරිපත්ව තිබුණි. එහෙත් එම ටෙන්ඩරය සඳහා ලංසු තබා තිබුණේ සමාගම් 5ක් පමණක් වූ අතර එක් සමාගමක් වූ හොංකොන් හී DFS සමාගම අදාළ ටෙන්ඩරයට ලංසු තබා තිබුණේ නැත. ඒ වෙනුවට එම සමාගම ටෙන්ඩර් මණ්ඩලයට දැනුම්දී තිබුණේ තමන් ටෙන්ඩරයට විරෝධය පෑම සඳහා ඉදිරිපත් වූ බවය.

ඉදිරිපත් වූ ලංසු මාස 07 ක් තිස්සේ  ළඟ තබාගත් ටෙන්ඩර් තාක්ෂණික කමිටුව, 2017 මාර්තු මාසයේ දී ගුවන් තොටුපළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම  , ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ටෙන්ඩරයේ අංක 1 කොටස පමණක්  වැඩිම ලංසු තබා තිබු ෆ්ලෙමින්ගෝ ඉන්දියානු සමාගමට තීරණය කරනු ලැබුවේය.
( උපුටා ගැනිම – ලංකාඩේලි වෙබ් අඩවියෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article