spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දවස් 364 ක්ම එළවළු විකුණන පිරිසක් 53 වරටත් මීගමුවේදි දුන්න අපුරු දන්සැල !

Must read

100101103බන්දුල මාර්කට් එක කියන්නේ මීගමුවේ තියෙන පරණම තැනක් .මෙතනින් එළවළු නොගත්තු පවුලක් මීගමුවේ නැතුව ඇති.
ඒ තරම් හැමෝම මෙතනට එනවා.
මෙ එළවළු වෙළදාම කරන ව්‍යාපාරික මහත්තුරු හැම වෙසක් පෝයකටම අපුරු දන්සැලක් දුන්නා.
මේදා සැරේ එක තිබුනේ 53 වෙනි වතාවට..
අප හිතන්නේ මීගමුවේ නොකඩාම අවුරුදු 53 ක් තිබුන දන්සලක් නැතිව ඇති….බන්දුල1බන්දුල 3බන්දුල 4බන්දුල 6බන්දුල 7bandla 100

මෙතන තවත් විශේෂ කථාවක් තියෙනවා .ඒ තමයි වසර 40 ක් තිස්සේ බන්දුල මාර්කට් එකේ දන්සලට සම්මාදම් වු ලිලාවති අම්මාගේ කථාව …

ලිලාවති 1

39 වන වසරේ ඇගේ දායකත්වය 2016/05/02

ලිලාවති අම්මා 2

2017/05/10

මීගමුව නගරය තුල අද සහ හෙට දිනයේ දන්සල් 69 ක් පැවත්වේ.මේවා අතර විශේෂයක් ගන්නා එක් දන්සලක් ලෙසින් බන්දුල මාර්කට් හි එළවලු වෙළදුන් විසින් නොකඩවා වසර 53 ක් තිස්සේ පවත්වාගෙන යනු ලබන බත්දන්සල හදුන්වා දිමට පුලුවන.
මෙහි වන තවත් විශේෂත්වයක් වන්නේ මේ දන්සලට වසර 40 ක් තිස්සේ නොකඩවාම සම්මාදම් වු තැනැත්තියක් වු ලිලාවති අම්මාගේ කථාවයි.
ඇය අදත් උදේවරුවේ 40 වන වතාවටත් අල සුද්ද කරමින් සිය සැදැහැවත් දායකත්වය සපමින් සිටියාය.
ඇය දැන් සිටින්නේ 76 විය පසුකරමිනි.ලිලාවති 3
එහෙත් ඇය තවමත් කඩිසරය.ඇය පසුගිය වසරේ දි අන් හා කරට කර සිටිමින් අල කිලෝ ගානක් සුද්ද කළාය.2017 වසරේදි අප එහි යන විට ඇය සිටියේ අමු මිරිස් කපමිනි.ලිලාවති අම්මා
අපි මහත්තයෝ මේ දන්සල දෙන්න වෙළදාම් කරන අය සවස ගානේ රු 20 ක් ගානේ දාල අවුරුද්දෙම මේ මුදල එකතු කරනවා.ලිලාවතී 2
එහෙම කරල අනෙක් අයගෙත් උදව්වෙන් තමයි මේක දැන් 53 වෙනි වතාවටත් කරගෙන යන්නේ .
ඇය අපට දන්සල් ඉතිහාසය ගැන කියන්නේ මහත් වු සතුටකිනි.
41 වෙනි වතාවටත් ඇයට මේ දන්සලට සම්මාදම් වන්නට නිරෝගි සුවය පතමින් අප බන්දුල මාර්කට් එකෙන් නික්මුනේ ලබන වසරේදි යළි මුණගැසෙමුයි එහි වු සියළුව එළවළු වෙළදුන් වෙත පවසමිනි.

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article