spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව සංචාරක කලාපයේ හොර මගඩි මඩින්න විශේෂ පොලිස් කණ්ඩායමක් !

Must read

යතුරපැදි(6.05 pm ) මීගමුව සංවාරක කලාපය තුල සංවාරකයන්ගේ අාරක්ෂාව පිළිබදව ගැටළු රැසක් පසුගිය කාලය තුල වාර්ථා විය.
මේ පසුබිම මත මෙකි සංචාරක කලාපය තුල සංචාරයකයන්ට නිදහසේ සැරිසරන්නට නොහැකි තත්වයක් උදාවි තිබේ.
පසුගිය මැයි මාසයේ එක් සතියකදි පමණක් මෙසේ අවස්ථා දෙකකදි යතුරු පැදි වලින් පැමිණි සොරුන් විසින් විදේශිකයන්ගේ අත්බෑග සොරාගෙන තිබිම මීගමුව සංචාරක කලාපයේ පවතින අානාරක්ෂිත බව  හෙළිදරව් කොට හමාරය.
සංචාරක පොලිසිය සිය රාජකාරිය නිසි ලෙසින් සිදුකරන්නේ නම් මෙසේ නිදහසේ කිසිදු බයක් සැකයක් නැතිව හොරුන් හැසිරෙන්නේ නම් එහි වරද ඇත්තේ කාගේද ? යන ගැටළු මතුවන්නේ නිතැතිනි.
.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂඛ වුඩ්ලර් මහතා අද කියා සිටියේ එසේ හොරුන් විසින් සිදුකරන ලද සියළු හොරකම්.වලට අදාල අය අත්අඩංගුවට ගෙන ඇති බවය.
මෙයට අමතරව පොලිස් නිළධාරින් 10 දෙනෙකුගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක්ද මේ වන විට සංචාරක කලාපය ආවරණය කිරිමට යොදවා ඇතැයිද ඔහු කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article