spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව සමූපේ කොමසාරිස්ගේ පාලනයට! අධ්‍යක්ෂක මණ්ඩලය ගෙදරට

Must read

NGB coop 1

සමූපකාරය යන වචනය තුළම ඇත්තේ උතුම් අදහසකි. අතීතයේ එහි යහපත් භාවිතාවක් තිබුනු බවත් , ඒ මගින් ජනතාවට විශාල සහනයක් ලැබනු බවත් අපි දනිමු .
මීගමුව සමූපකාරය කලින් පැවති පාලන කාලය ගත්විට යම් විවේචන සහ අඩුපාඩු පැවතියද සාපේක්ෂව අනෙකුත් සුපිරි වෙළඳසැල් හා කරටකර කටයුතු කිරීමේ හැකියාවක් පෙන්නුම් කරන ලදී .එහෙත් පසුව එහි පාලනය ව්‍යාපාරිකයන් කිපදෙනෙකුද මුලිකත්වය ගෙන සිටි අධ්‍යක්ෂක මණ්ඩලයක් වෙත පැවරිමෙන් අනතුරුව   බරපතල අර්බුදයකට මුහුණ දි සිටි.
නිසි කළට සමුපාකාර ඡන්දය පැවැත්විමට අධ්‍යක්ෂක මණ්ඩයලය කටයුතු නොකිරිම නිසා දැනට කලක සිට  මීගමුව සමූපකාරය පාලනය වන්නේ කොමසාරිස් වරයෙකු යටතේය .
වසරකට වරක් නිලවරණයක් මගින් අධ්‍යක්ෂක මණ්ඩලය තෝරාගතයුතු වන නමුත් මෙහි වසර පහකින් වත් ඒ සඳහා නිළවරණ  පවත්වා නැත.
සැබැවින්ම අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානින් ලෙසින් කටයුතු ව්‍යාපාරිකයන් දෙදෙනෙකු මේ මීගමුවේ සමුපාකාරය විනාශ කිරිමට ප්‍රධාන වශයෙන් බලපෑ බව සැලය.කෙසේ වෙතත් සුහද සේවා අලෙවි සැල වෙනුවෙන් අලුත් ගොඩනැගිල්ලක් තැනිම වෙනුවෙන් විශාල මුදලක් වැයකෙරුණ අතර දැන් එහි පැමිණෙන පාරිහෝගිකයන් හට අත්‍යවශ්‍ය දැ බොහොමයක් මිළට ගැනිමට නොහැකි ව ඇත්තේ ඒ බඩු ගැනිමට සුහද සේවාවට මුදලක් නොමැති කම නිසාවෙනි.මෙය සැබැවින්ම ඛේදවාචකයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article