මීගමුව හැමිල්ටන් ඇලේ කොටසක නඩත්තුව සිංහ සමාජයට. …

0
77

 

මීගමුව පුරවරයට සුවිශේෂි ආකර්ෂණත් එක්කරන ,සහ මීගමුව පුරවරයට අනන්‍ය සංකේතයක් බඳු වූ හැමිල්ටන් ඇළ අද වන විට අවිධිමත් හා අදූරදර්ශී මිනිස් ක්‍රියාකාරකම් සහ වෙනත් කරුණු කාරණා ගණනාවක් හේතුවෙන් අපවිත්‍ර තත්ත්වයට පත්ව , දූෂිත වී එය ප්‍රදේශයට සහ එහි වෙසෙන ජනතාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන ප්‍රදේශයක් බවට පත්ව ඇත.

ඒ අනුව මීගමුව මහා නගර සභාව විසින් මීගමුව හැමිල්ටන් ඇළේ මීටර් 500 ක පමණ වපසරියකින් යුත් කොටසක නඩත්තු කටයුතු, අංක 306 ඩී 05 දිස්ත්‍රික් සිංහ සමාජයට භාරදීම, ඊයේ දින (22/04/2026) සවස, මීගමුව ජැටිය අසල පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු කරන ලදී. ඒ අනුව මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාගේ සහ අංක 306 ඩී 05 දිස්ත්‍රික් සිංහාධිපති, සිංහ ශෂීකුමාර් සුබ්‍රමණියම් මහතාගේත් එකමුතු සංකල්පයක් මත “උරුමය” ව්‍යාපෘතිය යටතේ මීගමුව හැමිල්ටන් ඇලේ මීටර් 500 ක පමණ ප්‍රමාණය පෙර කාල පැවැති ලෙසට , පවිත්‍ර කර, පවත්වාගෙන යෑම, සහ එහි නඩත්තු කටයුතු ස්වේච්ඡා සේවා කාර්යභාරයක් ලෙස අංක 306 ඩී 05 දිස්ත්‍රික් සිංහ සමාජය විසින් සිදුකිරීමට නියමිතව තිබේ.

මෙම අවස්ථාවට මහින්ද ජයසිංහ සහ සුගත් තිලකරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනා ද, මීගමුව නගරාධිපති රොබටි හීන්කෙන්ද සහ නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු සහ ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි , මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මාවීන් ද මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ. එමෙන්ම ජාත්‍යන්තර සිංහ සමාජය වෙනුවෙන් අංක 306 ඩී 05 දිස්ත්‍රික් සිංහාධිපති, සිංහ ශෂීකුමාර් සුබ්‍රමණියම් , පළමුවැනි උප සිංහාධිපති සංහ ගයාන් ලක්මාල්, සහ එහි ප්‍රධාන ලේකම් සිංහ රොයිස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු එම සංවිධානයේ උසස් නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට ආරාධිතයින් ලෙස සහභාගි
වූහ.

IMG 20260425 WA0017 IMG 20260425 WA0018 IMG 20260425 WA0019 IMG 20260425 WA0020 IMG 20260425 WA0021 IMG 20260425 WA0022 IMG 20260425 WA0023 IMG 20260425 WA0024 IMG 20260425 WA0025 IMG 20260425 WA0026 IMG 20260425 WA0027 IMG 20260425 WA0028 IMG 20260425 WA0029
මීගමුව මහා නගර සභාව සහ අංක 306 ඩී 05 දිස්ත්‍රික් සිංහ සමාජය එකට එකතුව ආරම්භ කළ මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය පිළිබඳව මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ මේ ලෝකය බිහිවුනදා සිට පරිසරයට මිනිසා නොමැතිව ජීවත්වීමට හැකි වුවත් , මිනිසාට පරිසරය නොමැතිව ජීවත්වීමට නොහැකිි බවයි. ඔහු ප්‍රකාශ කළේ පරිසරය නැමැති සුවිසල් කුලකය තුළ මිනිසා යනු කුඩා තිතක් බවයි. එලෙසම නගරාධිපතිවරයා මෙහිදී මීගමුව පුරවරයෙහි ඇති සුවිශේෂත්වය පිළිබඳව ද අදහස් පල කළේය. ඔහු එහිදී ප්‍රකාශ කළේ, ස්වභාවධර්මය ලබා දුන් කලපුව,මුහුද, ගංගාව මෙන්ම මිනිසා විසින් නිර්මාණයකල ඇලක ජලය එකිනෙකට සම්බන්ධ වන ලෝකයේ ඇති එකම නගරය මිගමුව බවයි. ඒ නිසා මානව සම්පතින් සේම ස්වභාවික සම්පත් වලින්ද පිරුණු මෙම මීගමුව පුරවරය ලෝකයේ සුන්දරම සහ පොහොසත්ම නගරය කිරීමේ සිහිනයක් අප සියළු දෙනාට ඇති බව මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉන් පසුව උත්සව සභාව ඇමතූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ , මෙම රජය බලයට පත්වුණු පසු අවස්ථා ගණනාවකදීම මීගමුව හැමිල්ටන් ඇළ සහ මීගමුව කලපුව නිරීක්ෂණය කළ බවත් එහිදී හැමිල්ටන් ඇළට සහ මීගමුව කලපුවට සිදුකර ඇති විනාශය ඉතා හොඳින් දුටු බවත් ,ඒ සියලුම විනාශයන් සිදුකර ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හරහා බවත් ඔහු අවධාරණය කළේය. එලෙසම ඔහු මෙහිදී පෙන්වා දුන්නේ මීගමුව කලපුව ගොඩ කළ ස්ථාන 42 ක් හදුනාගෙන මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඒවා ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉවත් කිරීම සඳහා නීතිමය වශයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි . එලෙසම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ රජයේ රුපියල් මිලියන 300 ක් වැය කරමින් හැමිල්ටන් ඇළ සහ මීගමුව කලපුව ප්‍රදේශය පවිත්‍ර කිරීමේ මූලික ව්‍යාපෘතිය සිදුකර ඉන්පසුව එය නඩත්තු කිරීම සඳහා , ජාත්‍යන්තර සිංහ සමාජය දක්වන මෙම සහයෝගයට සිය ස්තූතිය පුද කරන බවයි..
මෙහිදී ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ද
මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී ගුණරත්න මහතා ද එලෙසම , අංක 306 ඩී 05 දිස්ත්‍රික් සිංහාධිපති, සිංහ ශෂීකුමාර් සුබ්‍රමණියම් මහතා සහ සිංහ සමාජයේ තවත් උසස් නිලධාරීහු කිහිප දෙනෙකුද උත්සව සභාව ඇමතිය.

එලෙසම උත්සවයට සමගාමීව, ජාත්‍යන්තර සිංහ සමාජයේ අනුග්‍රහයෙන් මීගමුව සාන්ත ජෝසප් විදුහලේ සිසු දරු දැරියන් පිරිසකට ක්‍රීඩා භාණ්ඩ සහ “රිය නියාමක” කබා පිරිනැමීමද ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එමෙන්ම මීගමුව මහ නගර සභාවේ සේවයේ නියුතු සෞඛ්‍ය අංශයේ සේවකයන්ට රුපියල් 4000 ක් පමණ වටිනා වියලි සලාක මලු 100 ක් ජාත්‍යන්තර සීංහ සමාජයේේ අනුග්‍රහයෙන් ප්‍රදානය කිරීමද මෙම උත්සවයට සමගාමීව සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here