spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි සම්පායෝ තවමත් නිදැල්ලේ ..?????

Must read

1595515331-Sampayo_Negambo_Lමීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සැප පහසුකම් සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී වැඩ තහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු නිලධාරීන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි අනුරුද්ධ සම්පායෝ ඊයේ (22) අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර අද (23) එම රීට් පෙත්සම කැඳවනු ලැබුණි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පැවසුවේ, අධිකරණයේ අනුමැතියකින් තොරව පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ සංශෝධිත පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවය.

අද දිනයේදී සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට දැනුම් දුන් අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීමට හෙට දින කැඳවන බව ප්‍රකාශ කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ ඊයේ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබියදී  නීතිපතිවරයා කඩිමුඩියේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගෙන ඇති බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා ප්‍රකාශ කළේ මෙම නඩුවේ පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට තමා විසින් ඊයේ දින අධිකරණයට කිසිදු ප්‍රතිඥාවක් ලබා නොදුන් බවය.

වැඩ තහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න මෙන්ම දෙවන පෙළ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුනි.

ඊට අදාළව සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඔවුන් පිරිස ‍වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා ඊයේ  නියෝග කළේය.
අද දෙරණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article