spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි සම්පායෝ ඇතුළු නිලධාරීන් 4 දෙනා අත්අඩංගුවට ගන්න වරෙන්තු !

Must read

arrest-generic-thinkstock-240_650x400_81429282265

වැඩ තහනමට ලක්ව සිටින, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා විසින් අද (22) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර තිබුණි.
මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි වරයා මේ දිනවල කාගේත් කථාබහකට  සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඉතාමත් සමිපතයෙකු බවද කියැවේ.හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ජෝන්ස්ටන් ගේ හයියද ගෙන  කරන්නට යෙදි ඇති වංචා දුෂණ දැන් එකින් එක දිගහැරෙමින් තිබේ.
කුරණෑගල නගරාධිපතිවරයාගේ මයිලකටවත් අතතියන්නට දෙන්නේ නැතැයි කිවද සම්පායෝලාගේ මයිල් ආරක්ෂාකරන්නට ජොනි ට බැරිවෙන බව දැන් පැහැදිලි වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article