spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු අයවැය ගැන බය හිතුන ඇමති හදිසි රැස්විමක් කැදවයි ?

Must read

lansa and MPs( 10.00 am ) එක් පැත්තකින් ස ෆේල් කියන සටන් පාඨය සමාජ ගතවෙමින් තිබේ.හමුදා විනයකට කරන්නට බැරි දෙයක් නැතැයි කියා රටතුල යම් මතයක් කලින් පැවතුනා නම් එයටත් දැන් කෙලවි හමාරය.
හමුදාව නැතුව මුකුත්ම බෑයි කියා සිතු හිටපු ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති වසරක් තුල එය තේරුම් ගෙන  ඇත්තේ හත්පලේම ගාගෙනය.
ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන දේ අද අපි රටේ අගේට අත්දකිමින්  සිටිමු.lansa and MPs 2
මේ සියල්ලෙ අස්සේ අයවැය පරදින පෙරහැරත් කරලියට පැමින තිබේ.මින් තැති ගැන්වුන ඇමති නිමල් ලංසා ඊයේ දිනයේ වහාම සිය යන්තම් පාලනයේ නාගරික මන්ත්‍රින් සහ මන්ත්‍රිවරියන් එකතු කර රැස්විමක් පවත්වා තිබුණි.
මිගමුව යනු බස්නාහිර වේගයෙන් දියණුව කරා ගෙන යාහැකි වෙළද නගරයයයි.එහෙත් ඒ නගරයේ පාලනය භාරගෙන ඇති මේ මන්ත්‍රි මුහුණ දකින් විට සැබැවින්ම සිතුනේ මිගමුව ගැන දුකකි.MP nimalනිර්මලා
නිසි උගත්කමක්  හෝ වෘත්තිය බවක් නැති එහෙන් මෙහෙන් එකතු කරගත් මේ මන්ත්‍රි සෙට් එකේ සාපය මිගමුව මේ වන විටත් ඉතා හොදින් අත්දැක තිබේ.
ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණ ඇතිවා සේය
කෙසේ වෙතත් මෙවර අයවැය තිරාණාත්මකය.
එය විටක මේ පළාත් පාලන කාලය තුල පැවැත්වෙන අවසන් අයවැයද විය හැක.
රජය තවත් කල් නොයවා ඉක්මන් යන මැතිවරණ ලෙස පළාත් පාලන මැතිවරණය  තෝරනු ඇත.
එබැවින් මේ අයවැය ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට එක හා සමානව වැදගත්ය.

මේ කව්ද මොනවද හිතන්නේ

එජාපයේ මතුවෙමින් ඇති පිබිදිම මුදල් විසි කරමින් වෙනදා මෙන්ම පාලනය කිරිම ඇමති ලංසා දන්නා එකම උපක්‍රමය වන අතර ඒ වෙනුවෙන් යළිත් වරක් ජනතා මතය පාවාදිමට සුදානම් එජාප මන්ත්‍රිලා සිටි නම් එය ඔවුන්ගේ දේශපාලන ගමනේද අවසානයම ලකුණු කිරිමට නියමිතය.   ඒ ඒ කොට්ටාශ වල ජනයා දැනටමත් මෙසේ ද්‍රෝහින් ගණයට වැටිය හැකි යැයි සිතා සිටින මන්ත්‍රින් ගැන වඩාත් අවදානයෙන් සිටින නිසාය.
එබැවින් මෙවර මිගමුවේ අයවැය සටන යනු ජනතා මතයත් ලංසා පවුලේ සල්ලිත් අතර තරඟයක් වනු නියතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article