spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු එජාප ඡන්ද සටන අර්බුදයක ! කාර්යාලයේ නිළධාරින් ඉල්ලා අස්වෙයි ?

Must read

කාවින් සමගින් කළමණාකරු බැග්ඩෑඩ් මහතා
කාවින් සමගින් කළමණාකරු බැග්ඩෑඩ් මහතා

අප මිට පෙරද හෙළිකළ පරිදි මිගමු එජාප සංවිධායක කාවින්ද ජයවර්ධන මේ වන විට බරපතල අර්බුදයකට මුහුණ දි සිටිනු පෙනේ.එනම් ඔහුගේ නායකත්වය පිළිබදව ඇති ගැටළුව මුල්කොට ගෙන මිගමුවේ එජාප ඡන්ද සටන ශක්තිමත්ව ගොඩනැගිමට ඇති අපහසුවයි.
මේ කොයිතරම් නම් බරපතල දැයි දැන් වැටහෙන්නේ කාවින්ද ජයවර්ධන නව එජාප සංවිධායකයා ලෙසින් මිගමුවට පැමිණිමට පෙර සිටිමත් ඔහු පැමිණි පසුත් ඔහු ඉතාමත් සමිපයෙන් කටයුතු කළ කළමණාකරු වන බැග්ඩෑඩ් මහතා මෙන්ම මේරිස් මහතාද මේ වන විට කාවින්දගේ නායකත්වය ගැන කළකිරි ඉවත් වි තිබිමය.
කොටින්ම කියන්නේ නම් එජාප කාර්යාලයේ කාර්යාල සාහයකයා පවා මේ වන විට  ඉල්ලා අස්වි ඇත.
මේ අනුව කාවින්දගේ නායකත්වය මිගමුව තුල දැන් හෑල්ලුවට ලක්වි ඇති අයුරු පැහැදිලිය.සැබැවින්ම  මේ රටේ තිරාණාත්මකම මැතිවරණය අභිමුව කාවින්ද ජයවර්ධන නම් තරුණ දේශපලනඥයා වැඩි ඇත්තේ බරපතල අවුලකය.
ඔහු සැබැවින්ම තවත් අසරණ වි ඇත්තේ කාවින්දගේ සමිපතයන් ලෙසින් දැනට කටයුතු කරගෙන යන අයට සැබැවින්ම ජනපදනමක් නැති අතර මිනිමැරුම් වල සිට තවත් චෝදනා රැසක් ඇති අයද සිටිම හේතුකොට ගෙනය.
මේ සියල්ල එසේ තිබියදි මිගමුවේ එහෙම පිටින්ම කළු සල්ලිවලින් පාලනය වන මාෆියා නගරයක් බවට පත්කළ ලංසා පවුල ගැන කාවින්ද සිටින්නේ මර නින්දකය..
ඔහු ඒ අයට එරෙහිව කෙලින් වචනයක් වත කථාකරන්නේ නැත.
ඉතින් එවන් යථාර්ථයක් තුල 2015 දි ජනතා ජය ඔසවා තැබු තැනට එන්නට නම් මීගමු එජාපයට ජයසම්පන්න නායකත්වයක් අවැසිව තිබේ.
එසේ නැතිව මීගමුව ඉහලින්ම දිනනවා යැයි බුකියේ සිහින දකින ප්‍රදිප් පීරිස්ලා සිතන පරිදි   ලංසා පවුලත් රාජපක්ෂ පවුලත් එක මිටට තබා පරාජය  කොට වැඩිඡන්ද 30000 කට එහා ගිය ජයක් ගැන හිතනවා බොරුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article