spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු ජනතාවට වඩාත් වැදගත් ඇමතිවරුන් දෙපල නාලක සහ ඉන්දිකද ????

Must read

117595069_1119345185129676_2221479862786701050_n

ගම්පහට මදි නොකියන්නට ඇමතිකම් ලැබි තිබේ. එහෙත් මිගමුවේ ජනතාවගේ පැත්තෙන් ගත් කළ මේ ඇමතිධුර 8 අතුරෙන් වඩාත් වැදගත් සහ ප්‍රයෝජනවත් ඇමතිධුර ලෙසින් දැනමත් ජනතාව හදුනාගෙන ඇත්තේ නාලක ගොඩහේවා විසින් දරන නාගරික සංවර්ධන සහ ඉන්දික අනුරුද්ධ විසින් දරන නිවාස යන රාජ්‍ය ආමත්‍යධුරයන්ය.

නිමල් ලංසා මෙන්ම ප්‍රසන්න රණතුංගද මිගමුවට ධිවර ඇමතිකම ලැබෙන බවට මැතිවරණ  ව්‍යාපාරය තුල වඩාත් හඩ නගමින් කිවද මෙවර ධිවර කටයුතු හා සම්බන්ධ ඇමතිකම් ලැබි ඇත්තේ උතුරටත් දකුණටත්ය.

නිමල් ලංසාට හිමිව ඇති ග්‍රමිය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමති මිගමුවට කිසිදු ප්‍රයෝජනවත් එකක් නොවන්නේ මිගමු මහනගර  සභාව විසින් මහජන බදු මුදල් වැය කරමින් සිය කොන්ත්‍රාත් මිතුරන්ටත් ඒ අයටත් හම්බ කරගැනිම සදහා කොන්ක්‍රිට් කරන ලද පාරවල් නැවත නැවතත් කොන්ක්‍රිට් කරමින් වාර්ථා තබා ඇති හෙයිනි. එබැවින් දැන් හදන්නට පාරවල් නැති තරම්ය.

එපමණක් නොව මේ වනවන එක් පවුලක් සිටින තැන්වලට පාවා කොන්ක්‍රිට් පාරවල් දමා දමන්නට පසුගිය කාලය තුල නිමල් ලංසා මෙන්ම දයාන් ලංසාද කටයුුතු කර තිබේ.

හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු වන අනිල් ජාසිංහ සිය ෆේස් පිටුවේ සටහනක් තබමින් කියා ඇත්තේ නාගරික සංවර්න ඇමතිධුරය මිගමුව සංවර්ධනය කිරිම සදහා බෙහෙවින්ම වැදගත් වන බවය.කසැබැවින්ම එය වඩාත් වැදගත් වන්නේ මිගමුවට අවැසි නගර සංවර්ධනයක් දැන්වත් සැලැසුම් කිරිමට මේ අනුව ඉඩකඩ ලැබෙන නිසාය..
මන්ද මිට පෙර මිගමුවේ සංවර්ධන ව්‍යාපෘති යනු තමන්ගේ අතට වැඩියෙන් ගාන කැපෙන ඒවා මිස සැබැවින්ම ජනතාවට වඩා ප්‍රයෝජනවත් ඒවා නොවන බැවිනි.
එමෙන්ම නිවාස යනු මිගමුවේ බරපතල ගැටළුවකි. ඒ සදහා සැබැවින්ද නිවාස රජ්‍ය ඇමතිධුරය මහත්සේ  ඉවහල් වනු ඇත.
එහි කැබිනට් ඇමතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ බැවින් රාජ්‍ය  ඇමතිවරයා ඒ ධුරය වගකිම් ඉටුකිරිමේද වැඩි ඉඩ කඩක් නිර්මාණය වනු ඇතැයි මිගමුවේ දේශපාලන කවයන් අතර දැනටමත් කථාබහ වෙන්නට පටන් ගෙනය.
113936162_3214704748620593_5255210496648068468_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article