spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රෝහල් අධ්‍යක්ෂකට එරෙහිව ගම්පහ රෝහලේ හෙද වර්ජනය දිගටම …

Must read

Gampaha hospital

 

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය , පාලනාධිකාරිය සමඟ පවතින ගැටලුවක් සම්බන්ධයෙන් අරඹා ඇති වර්ජනය අද  වනවිට  තෙවන දිනටත්  පැවති අතර එය නිමා නොවීමෙන් රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්වීමට  සිදුව තිබේ.මෙම රෝහලෙහි හෙද හෙදියන් 427 දෙනෙකු කටයුතු කරන අතර මේ අතුරින් සේවාමුර අනුව සේවයට වාර්තා කොට හදිසි ප්‍රතිකාර  හැර සෙසු සියලුම කටයුතුවලින් ඔවුහු ඉවත්ව සිටිති.

මේ හේතුවෙන් රෝහලෙහි ශල්‍යාගාර හතෙහි හදිසි ශල්‍යකර්ම හැර  දිනකට සිදු කෙරෙන 60 ක් 70 ක් පමණ ශල්‍යකර්ම  නවතා දමමින් රෝගීන් ආපසු හරවා යැවීමට සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. තවද දෛනිකව පැවැත්වෙන සායනික ප්‍රතිකාර කටයුතුද මුලුමනින්ම නැවතී තිබීමෙන් රෝගීන් අපහසුතාවයට පත්ව ඇත.

වර්ජනය විසදුමක් ලබාදීම පිණිස රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා සමග පැවති සාකච්ඡා සාර්ථකවී නොමැති අතර හෙට  (13) බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සමග ගම්පහ රෝහලේදී හෙද හෙදියන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය බව අද වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article