spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රි ලංකන් ගුවන් යානයෙන් චීනෙට ගිය 23කට කොරෝනා

Must read

srilankan_airlines1ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව සති හතරක කාලයක් සඳහා කොළඹ – ෂැංහායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටද චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය කටයුතු කර තිබේ.

මීට අමතරව එතිහෑඩ් ගුවන් සෙවයේ අබුඩාබි – ෂැංහායි ගුවන් යානයෙන් අගෝස්තු 3 දා චීනයට ගිය ගුවන් මගීන් 6කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී හේතුවෙන් එම ගුවන් ගමන සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා තිබේ.

මීට අමතරව මැනිලා – ෂැංහායි ගමන් කරන MU 212 චයිනා ඊස්ටන් ගුවන් යානයෙන්ද අගෝස්තු 05 වැනිදා කොවිඩ් ආසාදිතයන් 6ක් වාර්තා වීමත් සමගින් එම ගුවන් ගමන්ද තාවකාලිකව සතියක කාලයක් අත්හිටුවා තිබේ.

අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සතියක කාලයක් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ ඉකුත් අගෝස්තු 03 වෙනිදා පැමිණි Etihad ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 6 දෙනෙකු සහ මැනිලා සිට  පැමිණි චයිනා ඊස්ටර්න් ගුවන් යානයේ තවත් මගීන් 06 දෙනෙකු හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමෙන් අනතුරුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(ශ්‍රි ලංකා මිරර් )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article