spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු මහ රෝහලට හොරු බෝවී ඇත .ප්‍රවේසමෙන් කටයුතු කරන්න .

Must read

NGB hospitalඊයේ (16 දා) මීගමුව රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයේ (PCU) ප්‍රතිකාර සඳහා නැවතී සිටි මැදිවියේ අයෙකු සතු රු . ලක්ෂ 2 ක් පමණ වටිනාකමින් යුතු රන් ආභරණ සහ මුදලින් රු. 25000/ ක් සොරකම් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.
මෙය සිදුවී ඇත්තේ ඊයේ උදේ 9. 30ට පමණය.
ඊට දින දෙකකට පෙර ඩෙංගු NS1 පරීක්ෂණය සඳහා යොදා ගන්නා රුධිර පරීක්ෂණ පටි (strip) 25 බැගින් වූ ඇසුරුම් පෙට්ටි 33 ක් සොරකම් කර ඇති බවද වාර්තා විය.
මේවා ගබඩා කර තිබී ඇත්තේ මීගමුව රෝහලේ රසායනාගාරයේ කබඩ් එකක් තුලය.
පැමිණි සොරා අලවංගුවකින් දොර කඩා මෙම සොරකම සිදුකර ඇත .
මේවායේ වටිනාකම රු. ලක්ෂ 5 පමණ වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි

මීට පෙර වෛද්‍යවරයෙකු මෙන් වෙස්වලාගෙන පැමිණි පුද්ගලයකු රන් ආභරණ සොරකම් කර පලාගිය පුවතක්ද විය.
මෙය අවස්ථා දෙකකදී සිදුවීය.
තවත් අවස්ථාවක විදුලි සෝපානයේ ගමන් කරමින් සිටි අයෙකුගේ මුදල් පසුම්බි සොරකම් කොට තිබුණි.
මීගමුව රෝහල තුල සිදුවෙමින් ඇති මේ සොරකම් පිළිබදව අප අවස්ථා කිපකදිම මතුකළෙමු.
අදාල බලධාරින්ගෙන්ද විමසා සිටියෙමු.
.එහෙත් තත්වයේ කිසිදු වෙනසක් සිදුව ඇති බවක් නොපෙනේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article