spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බදුල්ලේ පොහොට්ටු අයවැය පරදී !

Must read

31Sබදුල්ල මහ නගර සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය කෙටුම්පත පළමු ඉදිරිපත් කිරීම පසුගිය 16 වන දින වැඩි ඡන්දයකින් පරාජයට පත් වුණි.
ඒ බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ඩබ්ලිව්.ඩී. ප්‍රියන්ත අමරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ මහා සභාවේදීයි.
බදුල්ල මහ නගර සභාවේ 2020 වර්ෂය සදහා වූ අයවැය කෙටුම්පත පසුගිය 16 වන දින වැඩි ජන්ද එකකින් පරාජයට පත් වුණි.
ඒ පැය හතකට ආසන්න කාලයක් පුරා පැවති අයවැය විවාදයෙන් පසුවයි.  බදුල්ල මහ නගර සභාව මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගෙන් සමන්විත වන අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 8 දෙනෙකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 5 දෙනෙකු නියෝජනය කරයි.
නමුත් පොදුජන පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු මෙවර එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කිරීම හේතුවෙන් විපක්ෂ මන්ත්‍රී ආසන ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 10ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරමින් අයවැය කෙටුම්පත පරාජය කළේය.
අයවැය විවාදයේදී සභාව තරමක් උණුසුම්කාරී වුණි.
බදුල්ල මහ නගර සභවේ නාගරික ලේකම් ටී. ගජේන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් ඡන්ද විමසීම සිදු කළේය.
මහ නගර සභවේ ආඥා පනතට අනුව ඉදිරි සති දෙකක කාලයක් තුල නැවත අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමට හැකි බව නාගරින ලේකම්වරයා ප්‍රකාශ කළේය.
බදුල්ල මහනගර සභාව ඊයේ දිනයේ පොහොට්ටුවේ අයවැය පරදිද්දි   ලංකාවේ ප්‍රධානතම මහනගර සභාවක් මිගමුව මහනගර සභාවේ එජාප මන්ත්‍රිවරුන් එක්ව මිගමුවේ පොහොට්ටුවේ අයවැය දිනවා දි එහි සතුට භුක්ති විදිම සදහා පොහොට්ටුව විසින් ලබාදුන් කතරගම සවාරියක් යැමට පිටත්ව තිබුණි.
ඒ තිදෙන සවාරියක් සදහාය.
බදුල්ලේදි පැය 7 ක උණුසුම් විවාදයක් අයවැය වෙනුවෙන් පවතිද්දි මීගමුවේ අයවැය පොහොට්ටුව ජය ගෙන තිබුනේ කිසිදු විවාදයකින් තොරවමය.
www.infosrilankanews.info/
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article