spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහලේ වකුගඩු ඒකකය මේ සතියේ විවෘත කෙරේ!

Must read

IMG-20191009-WA0009IMG-20191009-WA0011මීගමුව මූලික රෝහල සතුව රැධිරකාන්දුකරණය (ඩයලයිසිස් )යන්ත්‍ර 6ක් ඇතත් ඒවායෙන් කිසිදු රෝගියෙකුට ප්‍රතිකාරයක් සිදු නොකරමින් අතහැරදමා ඇති බව  අප පසුගිය දිනවල වාර්තා කළෙමු.
දැනට අපට ලැබෙන වාර්තා අනුව එම ඒකකය තව ටික දිනකින් ආරම්භ විමට නියමිතය.එය සැබැවින්ම වකුගඩු රෝගයට ගොදුරුව සිටින අයව සතුටුදායක පුවතකි.IMG-20191009-WA0010

මීගමුව හා අවට ප්‍රදේශවල වකුගඩු රෝගීන්ගෙන් රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන් රජයේ රෝහල් වෙත සිය ඩයලයිසිස් ප්‍රතිකාර සදහා යොමු වන්නේ නම් ජාතික රෝහල,මාලිගාවත්ත රෝහල,ආනියාකන්ද රෝහල වෙත යා යුතු අතර නොමිලේ එම ප්‍රතිකාරය ලබාගත හැක්කේ රජයේ රෝහල් වලින් පමණි. අර්ධ රාජ්‍ය රෝහලක් වශයෙන් සැලකෙන ශ්‍රී ජයවර්ධනපුර රෝහලද එක් ඩයලයිසිස් කිරීමක් සදහා රු. 5000 – රු.6000ත් අතර මුදලක් අය කරනු ලැබේ. එසේත් නොමැතිනම් ඩයලයිසිස් ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන් නවලෝක හෝ හේමාස් වැනි රෝහල් වෙත යොමු විය යුතු අතර එම රෝහල් වල එක් ඩයලයිසිස් වාරයක් සදහා රු.8000 – රු.9000ත් අතර මුදලත් වැය වේ. සාමාන්‍යයෙන් රෝගියෙකු සතියකට අවම වශයෙන් දින දෙකක් (ඩයලයිසිස් )රුධිරකාන්දුකරනය  කල යුතු වන අතර ඒ හේතුවෙන් සතියක් සදහා රෝගියෙකුට රුපියල් රු.17000ක පමණ මුදලක් ප්‍රතිකාර සදහා පමණක් වැය කලයුතුව තිබේ.

තත්වය එසේ තිබියදී දිස්ත්‍රික් මහරෝහල වන මීගමුව රෝහල තුල ඩයලයිසිස් යන්ත්‍ර 6ක් තිබියදීත් ඒවා ප්‍රයෝජනයට නොගැනීම කෙතරම් ඛේදනීය තත්වයක්ව පැවැතියද තවත් දින කිපයකින් ඒ තත්වය වෙනස් වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයි.

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article