spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරියයි! දැනට මරණ 9ක් !

Must read

denguමේ වනවිට මීගමුව මහ රෝහලේ වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරියමින්තිබේ ඊයේ දිනය වන එම සංඛ්‍යාව 163 ක් විය.ඊට පෙර දිනයේ රෝහල තුල සිටි ඩෙංගු රොගින් ගණන 183 කි.පසුගිය කාලය පුරා 90 ක් වැනි තත්වයක පැවති රෝගීන් සංඛ්‍යාව 150, 180 වැනි තත්වයන් මේ වන ව්ට ඉහල ගොස් තිබේ.
මේ අතර ජූලි මස සිට සිදුවූ මරණ සංඛ්‍යාව මේ දක්වා රෝහල තුල සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 9 ක් ලෙස සටහන්වී ඇත මින් මරණ 2ක්ම දළුපත ප්‍රදේශයෙන් වාර්තා වි ඇති අතර පසුගිය  18 වනදින වයස අවුරුදු 10 ක පාසැල් යන දරුවෙකුගේ ජීවිතය ද ඩෙංගු මාරයා විසින් බිලි ගන්නා ලද්දේද දළුපත ප්‍රදේශයෙනි.
මේ සියල්ල සිදුවෙමින් පවතිද්දී නගරයේ පාලකයෝ මෙම මියගිය දරුවාගේ නිවස ඉදිරිපිට අැති කානු සුද්ධ නොකළේ ඇයිදැයි ප්‍රදේශවාසීන් ප්‍රශ්ණ කරති.තතු එසේ වුවද නගරාධිපති දයාන් ලංසා නිවස මෙන්ම ඒ අවටද දිනකට දෙවරක් දුමායන කටයුතු නොකඩවාම සිදුකරගෙන යමින් ඇති බව ප්‍රදේශවාසිහු පවසා සිටිති.එඅනුව දයාන් ලංසා විසින් මදුරු ආරක්ෂිත කලාපයක් නිර්මාණය කරගනිමින් ඔහුගේ පවුලේ අයගේ ආරක්ෂාව පමණක් සිතා ඇත.මේ පිළිබදව ප්‍රදේශවාසිහු මිපුර අමතා කථා කළේ දැඩි පිළිකුලකිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article