spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීපුර කර්තෘට පහරදීම සම්බන්ධ පොලිස් විමර්ශන ප්‍රමාදයි

Must read

අද  ජුනි 28 වන දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවන ලද ප්‍රෙඩී ගමගේ මහතාට පහරදීමේ නඩුව (න.අ 8085 ) විභාගයට කැදවු අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසි පරීක්ෂණ පිළිබඳ ප්‍රගතිය මෙන්ම දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට දුන් කාලය ඉකුත්වීම පිළිබඳ විමසා සිටියේය.  එහිදී කරුණු පැහැදිලි කරමින් මීගමුව පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක දිසානායක මහතා විසින් පවසා සිටියේ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් සිදුකරමින් යන පරීක්ෂණ සම්බන්ධ කටඋත්තර ගැනීම් තවමත් අවසන් නොමැති බවත් ඒ සඳහා තවත් කාලයක් අවශ්‍ය බවයි. එමෙන්ම මෙම ප්‍රහාරය සැලසුම් සහගතව සිදුකළ ප්‍රහාරයක් බැවින් ඒ සම්බන්ධව පරීක්ෂණ තවදුරටත් සිදුකරන බව වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේය.   මේ කරුණු වලට ඇහුම්කන් දීමෙන් පසු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශ කරන ලද්දේ මේ සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් සිදුකරන  අපක්ෂපාතී පරීක්ෂණ  ප්‍රමාද බව අධිකරණය විසින් දැනුම් දෙන බවයි.

FG attack 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article