spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීපුර තාරුණ්‍ය කොයි බටද ?

Must read

tumblr_nkwth5v4YQ1to5xfco1_400ක්ෂිතිජයෙන් හිරු පැනගොසින්ය.මන්දාරම බිදිමින් එකින් එක විසිතුරු පහන් දැල්වේ .සන්ධ්‍යාවේ නිමාවත් සමග එකිනෙකා වෙලාගෙන සෙනෙහසේ ස්පර්ශය විදී යොවුන් ප්‍රේමවන්තයින් ආරූඪ කරගත් අහිනසකත්වයකින් යුතුව නික්ම යයි.තවත් සමහරුන් අදුරේ තවතවත් ගුලිවෙමින් සෙනෙහසේ රස පහස තවතවත් විද ගනී.
ඒ අතරම පෙම්වතෙකු සොයමින් එහා මෙහා මවාගත සුන්දරත්වයකින් යුතු පෙම්වතියන්ය.
ඔවුන් කව්රුන් හෝ පැමිණ තම පෙම කුලියට මිලදී ගන්නා තෙක් බලාහිදී.
සවස උදාවීමේ ප්‍රීතියෙන් මත වූ තරුණයින් පිරිසක් උපකාරක පන්ති නිමවා උයනේ අසිරියට එක්වන්නේ සගවාගත් බියර් ටින් හා දුම් වැටි කිහිපයක් සමගය.
ඒ අතරම උරනලද ගංජා කොලේ මහිමයෙන් මෙලොවින් එහා සිටින තරුණයෙක් වෙරළට අතුලුවුනේ තම අවසාන මොනර කොළ කිහිපය වියදම් කර පෙමවතියක කුලියට ගැනීමටය.”

සුන්දර සන්ධ්‍යාවක වෙරළ විචිත්‍රවත්ය.
එහෙත් ඒ සුන්දරත්වය මැදින් මතුවන අසුන්දරත්වය මෙයයි.
මේ දසුන බොහෝ සමාජ අර්බුද පිළිබද සාක්ෂි ගෙනහැරපාන්නේ මේ පිළිබද කතාකවතක අවශ්‍යතාව මතු කරමිනි.
එහෙත් සමස්තය විසින් ඉස්මතු කරන ප්‍රධාන කරුණක් තිබේ.එනම් මේ සියල්ලම වෙලාගෙන තිබෙන්නේ තාරුණ්‍යය වටා වීමය.මේ සැමගේ බිලලව ඇත්තේ තරුණයාය.එනම් මේ සෑම සමාජ අර්බුධයකම බිජ රෝපණය වි ඇත්තේ තරුණ පරපුර කේන්ද්‍ර කරගෙනය.

එමනිසා මිපුර තරුණයා කොඉබටද යන්න ඔබත් මාත් බොහෝ දෙනාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි.
ආර්ථික දියණුව හා සමාන්තර වේගයකින් තරුණ පරපුර දුෂණයවෙමින් පවතී.
තරුණයා යනු විනොදකාමි,
ජවසම්පන්න කුතුහලයෙන් යුතු,
නිර්මානශිලිත්වයෙන් පරිපුර්ණ වුවකි.
එහෙත් මේ සියල්ලම මොණර කොළ හා ඩොලර් නෝට්ටු වලට යට වී හමාරය.

tumblr_nl5zf1yJwy1t40w81o1_500සංචාරක යකුන්ගේ දොළ පිදේනි බවට තරුණයින් පත්වීම ,මේ සියල්ල අතුරින් එක් භයානක වසංගතයකි.
සුදු නොනලගේ හා සුදු මහතුන්ගේ විවිධ ආශාවන් සදහා මිපුර තරුණ තරුණියන් බිලිවෙ.
එහෙත් ඒ සියල්ල වසා දැමීමට කට පුරා සිනාසී ලබාදෙන ඩොලර් කොළ කිහිපයට හැකියාව ලැබීම මෙහි ඇති ඛේදාන්තයයි.
නගරය පුරා නිල හා නිල නොවන ලෙස ව්‍යාප්තව ඇති ස්පා (spa) ආයතනත්,
ඒ මුවාවෙන් රහසේම සිදුකරන ගණිකා නිවාසත් තාරුණ්‍යයට රතු එලි දල්වා ඇත.
කටුනායක හා මිගමුව ලංකාවේ ගණිකා ව්‍යාපාරය ව්‍යාප්තව ඇතිනගර අතර ඉහලම ස්ථානයක සිටින බව මෑත කාලයේ කරන ලද සමීක්ෂණ වලින් සනාථ වි ඇත.
එමෙන්ම මිගමුව සමහර පෞද්ගලික රෝහල් වල රහසේ සිදුවන ගබ්සා සංඛ්‍යාව ඉතා ඉහල බව වාර්තාවේ.මේ සියල්ලේම ප්‍රධාන ගොදුර තාරුණ්‍යය ය.මේ හරහා ව්‍යාප්තවන සමාජ රෝග මෙහි ඇති ඉතාමත් බිහිසුනුම තත්වයයි.
යෞවනය සොදුරු හැගීම්වලින් පිරුණු චමත්කාරජනකය .
එමනිසාම එය වනසා දැමීම පහසුය
.

අධ්‍යාපන තරගය

මේ අතරම නගරයේ ජනප්‍රිය පාසල් අතර ඇත්තේ තරගයකි.
එය සමාජ ප්‍රතිරුපය උදෙසා වූවකි.
භෞතික දියණුව හා උත්සවශ්‍රීයෙන් යුතව පාගමන් ,සැණකෙළි සංවිධානය කිරීම එම තරගයේ ප්‍රධානතාවයක් උසුලයි.එහෙත් සාරධර්ම හා සදාචාර පුහුණුවට ලැබෙන්නේ ඒවායේ අඩු ඉඩකි.සෙසු පාසල් නටබුන්වෙමින් පවතී.මේ හරහා අධ්‍යාපනයට ලැබියයුතු ඉඩ නොලැබේ.එමනිසාම මී පුර තරුණයා අධ්‍යපනයට දක්වන්නේ මැලිකමකි.
මෙය ප්‍රබලම සමාජ ගැටලුවකි.
මන්ද අධ්‍යපනය විසින් අනාගත සමාජයට සාරධර්ම උගන්වයි.එමෙන්ම අතීතයේ මෙන් නව දැනුම සොයා යන බුද්ධිමතුන් බිහිවීමට එය බාධාවකි.එමෙන්ම මිගමුව යනු කලා කෙතකි.
මීගමුවෙන් බිහිවුණු උසස් ගනයේ කලාකරුවන් බොහෝය.
එහෙත් අද ව්‍යාප්තව ඇති ජනප්‍රය රැල්ල ,dj සංස්කෘතිය හරහා නිර්මානශිලි කලාකරුවන් බිහිවීම වළකාඇත.
ඒ හරහා අප සතුව තිබු කලාවද පිරිහීම ඇරඹී ඇත.
එයට සරලම උදාහරණය වෙනදා වේදිකා නාට්‍යක මංගල දර්ශනය කොලඹ දී පෙන්වූ පසු මීලග දර්ශනය මිගමුවේය.එහෙත් අද මිගමුව සොයා එන්නේ ප්‍රමිතියකින් යුතු නාට්‍ය නොව විකාරය.
මේ තත්වය තුළ කලාවටද හෙනහුරා පාත්වීමට ඉඩ ඇත.

මේ සැමටම වඩා රුදුරු විනකටින මහා යකා නම් මත් රකුසාය.
මිගමුව යැයි කියූ සැනින් සැමට වෙනදා මතක් වුයේ ධීවර කර්මාන්තයයි.එහෙත් අද මුළු ලංකාවටම මතක් වන්නේ මත්ද්‍රව්‍ය කර්මාන්තයයි.මෑත කාලයේදී මීගමුවේ දියුණුවූයේ එම කර්මාන්තයයි.

මීගමුවේ හතේ අටේ පොඩි එකාත් ගංජා කොලය හදුනති .කුඩු පැකට් එකට ඉවකරති.මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන රජුන් තම ඉලක්ක කොට ඇත්තේ තරුණ පරපුරය.මෙය අනාගත මිගමුව තවත් මෙක්සිකොවක් බවට පත්වීමට අනාවැකියකි.මේ පිළිබද කිව යුතු බොහෝ දේ ඇත එහෙත් එයට ඉඩමදිය.tumblr_nkw4lyn6Wt1to5xfco1_500

එමෙන්ම මේ සියල්ල හරහා සිදු වි ඇත්තේ තාරුණ්‍යයට හෙටක් නොමැති විමය. මේ අයුරින් තරුණයින්ගේ අනාගතය ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකය.මේ සදහා මිගමුව පාදක කොට ගත්තද මෙය මීගමුවේ පමණක් නොව මුළු රටේම තත්වයයි.මෙය කියවූ ඔබට මේ නම් පරණ බයිලාමය යන්න හැගෙනු ඇත .
එහෙත් ගැටලුව නම් ඒ පරණ බයිලාවලට තවම පිළිතුරු නොලැබීමය.
පරණ බයිලා කියා සියල්ල අමතකර පසෙක දමා නොසිට ගිලෙන තාරුණ්‍යය ගොඩ ගැනීම කල යුත්තක් නොවේද ? එම වගකීම එක් අයෙකු ,එක් ආයතනයක් සතුව නොවේ ඔබ මා හා සැම සතුවය.

චතුර විමර්ශ 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article