spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මී/රෝහලට ඔෞෂධ සංයෝජකයින් බඳවාගැනීමට විරුද්ධව ඔෞෂධවේදීන් අදත් වැඩ වර්ජනයක

Must read

මීගමුව රෝහලේ  ඔෞෂධවේදීන් විසින්  ඊයේ දීනයේ  වැඩ වර්ජනයක නිරත වූ අතර අද දිනයේද එම වර්ජනය පැවතීම හේතුවෙන් රෝහලට පැමිණි රෝගීන්ට යම් අපහසුතා වලට මුහුණදීමට සිදුවූ බවත් මේ නිසා රෝහල තුළ යම් උනුසුම් තත්ත්වයක් පැවති බව රෝහලෙන් වාර්තා විය.  ඔෞෂධවේදීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඇතිවූ මෙම අපහසුතාවය පාලනය කිරීමට රෝහල් අධිකාරීතුමිය  හා කාර්ය මන්ඩලය මැදිහත්වී ඇති අතර කාලයක පටන් මීගමුව රෝහලේ ඔෞෂධ සංයෝජකයන්ගේ  පුරප්පාඩුවක්  තිබීම හේතුකොටගෙන රෝගීන් මහත් අපහසුතාවයකට පත්වූහ.
ඔෞෂධ  සංයෝජකයින් දෙනෙකුගේ නව පත්වීම් 4 ක් මීගමුව රෝහලට ලැබී ඇති අතර මෙම පත්වීම් වලට එරෙහිව රෝහලේ ඔෞෂධවේදීන් මෙම වැඩවර්ජනය සිදුකරන බව වෛද්‍ය අධිකාරියතුමිය විසින් පැවසූ අතර රෝහලට පැමිණෙන රෝගීන්ට කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් තමන් මෙම පත්වීම බාරගත් බවට ඇය සදහන් කළාය.අද දිනයේදී ඔෞෂධවේදීන් විසින් සේවාව වර්ජනය කර ඇත්තේ පුර්ව දැනුම්දීමකින් තොරව වන අතර මේ හේතුවෙන් රෝහල තුළ උදේ වරුවේ රෝගීන්ට යම් අපහසුතාවයක්  ඇතිවිය.  මේ වනවිට රෝහලේ ඔෞෂධවේදීන්ගේ පුරප්පාඩු 5ක් සහ ඔෞෂධ  සංයෝජකයින්ගේ පුරප්පාඩු 4 කුත් තිබෙන බව රෝහල් අධිකාරිතුමිය විසින් තහවුරු කළ අතර මෙම නව පත්වීම හේතුවෙන් රෝහලේ ඇති ඔෞෂධ හල් 10 ම විවෘත කර බෙහෙත් ලබාදිය හැකි බව ඇය පවසයි.
නව පත්විම් සම්බන්ධයෙන් ඔෞෂධවේදීන්ට ඇති ගැටළුව විසඳාගැනීම සඳහා ගම්පහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සමග සාකච්ජවකට එළඹීමට මේ වනවිට තිරණය කර ඇත.
3-1-768x576

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article