spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුහුදු ජීවින් ඡාවාරමක් වටලයි

Must read

fish
නොරචිචෝලේ කරඹ ප්‍රදේශයේ නිවසක ඉතාමත්ම රහසිගත ලෙසින් පවත්වා ගෙන ගිය වියලන ලද මුහුදු ජීවින් ගබඩා කර ඇති ගබඩාවක් ඊයේ ථ 13 දා – රාත්‍රි වැටලු කල්පිටිය පොලිසිය රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනාකම ඇති වියලන ලද මුහුදු ජීවින් තොගයක් සමඟ එහි රැඳී සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදීග
මෙම නිවස සමිබන්ධයෙන් ඇතිව තිබු සැකයෙන් කිසිවකු විසින් ලබා දී තිබු තොරතුරක් මත පොලිසිය එම නිවසට ගිය අවස්ථාවෙි දි එහි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු සිට ඇති අගර පසුව ප්‍රශ්ණ කිරිමෙි දී ඉන් දෙදෙනෙකු නේවාසික වීසා ලබා ගෙන තිබු අතර අනෙකා සංචාරක වීසා ලබා තිබු බවත් හෙළි වියග
ඒ අනුව හට ගත් සැකයෙන් නිවස පරීක්ෂා කළ අවස්ථාවෙහි නිවස තුළපාර්සල් තොගයක් එම නිවසෙහි ගබඩා කර තිබි ඇතග එහි පාර්සල් 52  ක් හා තවත් කුඩා පාර්සලයක් තිබි පොලීසිය විසින් සොයා ගන්නා ලදීග
ඒවා පරික්ෂා කළ අවස්ථාවේදී  දී පාර්සල් 31 ක වියලන ලද මුහුදු කූඩෑල්ලන් ද පාර්සල් 21ක මෝර වරල් කිලෝ 625 ක්ද තවත් කුඩා පාර්සලයක හඳුනාගත නොහැකි වියලන ලද  මුහුදු ජීවින් කිලෝ 10 ක් ද තිබු බවත් පොලිසිය කියයි ග
මෙම මුහුද     ජීවින් වෙනත් ස්ථානයක් වෙත ගෙන යනු පිණිස මෙසේ මෙහි ගබඩා කර තිබු අතර මෙම ජාවාරම ඉතා දිගු කාලටක සිට මෙම ස්ථානය කේන්ද්‍ර කර ගෙන පවත්වා ගෙන ගොස් තිබු බවත් කියයිග

අත් අඩංගුවට ගත් සැකකාර ඉන්දීය ජාතිකයින් තිදෙනා මෙරට රැඳී සිට නීති විරොාධී  ලෙසින් විවිධ වියලන ලද මුහුදු ජිවින් මෙරටට බෝට්ටු මගින් ගෙනැවිත් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති අතර මෙම ද්‍රව්‍ය දිවයිනේ වෙනත් ප්‍රදේශයනට ගෙන යන්නේ ද නැතහොත් කිසියමි නිති විරෝධි ක්‍රමයකින් ප්‍රති අපනයනය කිරිමට යොදා ගන්නේ දැයි මෙි වන විට සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රන්වල ආරචිචි උප පොලිස් පරීක්ෂක ප්‍රසාද් යන මහත්වරුන් ඇතු`ඵ නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලිම සිදු කළහ.


ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article