spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුළු ලංකාවේම පාරවල් හැදුවේ නිමල් ලංසාලු -අරුන්දික කියයි.

Must read

arundika-fernandoනිමල් ලංසා මීට පෙර පැවැති පළාත් සභාවේ මාර්ග සංවර්ධන ඇමතිවරයාද විය. එය ඔහුගේ අතමිට සරුවන්නටද  බොහෝ සේ හේතුවු බව රටම දනි.
කෙසේ වෙතත් ඔහුගේ රාජකාරි වපසරිය වුයේ බස්නාහිර පළාත් සභා සිමාවයි.එහෙත් රටම දන්නා පරිදි සහ ඔහුත් ඔහුගේ පක්ෂයේ මැති ඇමත්තෝත් කියන කරුණු වලින් කියැවෙන්නේ ඔහු රටේම පාරවල් හදන ඇමතිබවට පත්වි සිටි බවකි.
මධ්‍යම රජයේ මාර්ග සංවර්ධන කටයුතුභාර ඇමතිධුරය අයත් ව තිබුනේ මහින්ද රාජපක්ෂ හටය.
තතු එසේ නම් ඇමති ලංසා රටේම පාරවල් හැදුවේ කෙසේද ?
එහි ඇත්ත කාරණය නම් ඒ කටයුත්ත හවුලේ සිදුකරන්නට යෙදුනේ බැසිල් රාජපක්ෂ හා එක්ව නිමල් ලංසාය. මේ වෙනුවෙන්ම විවිධ කොම්පැණි පවා නිර්මාණය වන්නට විය.
වරක් අප විසින්ද හෙළිදරව් කළ පරිදි මීගමුව මහනගර සභාවේ සේවකයන්ව පවා ඇමති නිමල් ලංසා විසින් ත්‍රිකුණාමලයේ පාරවල් හදන්නට කැදවා ගොස් තිබුණි.
කෙසේ වෙතත් මෙය ඇමති නිමල් ලංසාගේ දක්ෂකම පිලිබදව කරුණක් ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික විසින් පසුගිය දිනකදි පවසා සිටියද මෙය ඇත්තමෙ රාජපක්ෂ පවුලේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් නිමල් ලංසාව යොදවා තිබිමයි.
ඒ ව්‍යාපාරික ගණුදෙනුවේ මුදලාලි වන්නේ බැසිල් රාජපක්ෂය.
කෙසේ වෙතත් මෙවර පළාත් සභාවේදි මාර්ග සංවර්ධන විෂය රාජපක්ෂ පවුල විසින් ඇමති නිමල් ලංසාට නොදෙන්නට වගබලාගෙන තිබුණි.
මේ නිසා ඔහු බරපතල අර්බුදයකට ගියේ දෙන්නම් කාසි වලට වැඩගත් කොන්ත්‍රාත්කරුවන්ට කෝටි ගණන් වු හිඟ ණය පියවා ගැනිමට නොහැකි විම නිසාය.
නිමල් ලංසාවට මෙවර මාර්ග සංවර්ධනය භාරනොදුන් හේතුව කියන්නට අරුන්දික මන්ත්‍රිවරයාට අමතක වෙයි.
ඒ ඇයි ??????

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article