spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මූලික නීතියවත් නොදන්නා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ?

Must read

rivira frontpolice spokepමීගමුවේ සිදුවු මහ දවල් මංකොල්ලය අද දිනෙන් දින  පුවත් මවනා සිදුවිම බවට පත්ව ඇත්තේ මහජන බදු මුදලින් පඩි ලබනා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිතිඥයෙකු ලෙසින් තමන් සතුවිය යුතුව ඇති දැනුමට පමණක් නොව දරනා නිලයටත් නිගාදෙන අයුරින් හැසිරිමට පටන් ගැනිමත් සමගින්ය.

කිසිදු පදනමකින් තොර ප්‍රකාශ කරමින් මිනිසුන්ට මංකොල්ලකරුවන් යැයි ලේබල් අලවමින් සිටින ඔහු 2014 පෙබරවාරි 24 වනදා උදේ වරුවේ හිරු නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලබන පත්තරේ විස්තරේ හරහා තවත් වෘත්තිය විෂමචාරයක නියැලුණි.
මණක් නොව සමස්ථ පොලිසිය අද වැටි ඇති තත්වය ගැන කියන්නට තරමේ සමාජ හරස් කඩක්  මෙම පත්තරේ විස්තරේ ඔස්සේ ප්‍රචාරය කරන ලදි.
ගම්පහ දිස්ත්‍රික් එජාප අපෙක්ෂක රොයිස් විජිත ප්‍රනාන්දු පැය 72 ක රැදවුම් නියෝග මත රදවා තබාගෙන සිටියදි කරන ලදැයි කියන පාපොච්චාරණය ඊයේ ඇතැම් මාධ්‍ය වල මුල් පිටුට පුවතක් බවට පත්ව තිබේ.
විශේෂ්‍යෙන්ම ඔහුගේ බිරියට හෝ දේශපාලන මිතුරන්ටත් රොයිස් විජිත හමුවිමට ඉඩ සලසා නොදුන් පොලිසිය මුළු පාපොච්චාරණයම මාධ්‍ය වලට ලබාදෙයි.
මෙහිදි එක්සත් ජාතික පක්ෂය විසින් අද ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කර සිටිනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරාය ඉල්ලා විය යුතු බවය
තතු මෙසේ තිබියදි පොලිස් මාධ්‍යක විසින් අද දිනයේ  තමන්ට නොවන තරම් වන තවත්  මාධ්‍යයක් සංදර්ශනයක්  නියැලුනේය.
රැදවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් ප්‍රසිද්ධ පත්තරවලට යාමට ට අදාලව කරුණ එක්පැත්තකිනි
මෙය ඉතා බරපතල  තත්වයකි.
මෙය ඊටත් වඩා මරාන්තික වන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ලොවටම ඇහෙන්නට පවසා සිටියේ තමන්ගේ විමර්ශන නිළධාරින් තමාට මේ බව දැනුම් දි ඇති බවත් ඒ අනුව පුවත් වල ඇති කරුණු බොහෝ දුරට සත්‍ය බවත්ය.
අධිකරණය හමුවේ ඇති  කරුණක් බැවින් මේ ගැන කිසිවක් තමනට ප්‍රකාශ ක ළ  නොහැකිබව කිවයුතුව තිබුනද ඔහු එසේ කළේ. නැත..????????ඒ
ඒ ඇයි??
ආණ්ඩු පාක්ෂික දේශපාලකයෙකු හට මෙවැන්නක් සිදුවුණි නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැසිරෙන්නේ නිති පොත අතේ තබාගෙනය.එවන් අවස්ථාවලදි ඔහු ආයතනය නීති සංග්‍රහය අකුරුටම පිළිපදි.
එසේ නම් දැන් සිදුවවෙමින් ඇත්තේ කුමක්ද??

මේ සියළු කරුණු නිසා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසා සිටින්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා අස්විය යුතු බවය.

එක්සත් ජාතික පක්ෂයේ සම්පුර්ණ පුවත්පත් නිවේනය  පහතින් පළවේ.

” දැනට අත්අඩංගුවේ පසුවන රොයිස් ප්‍රනාන්දු මහතාට එක්සත් ජාතික පක්ෂය විසින් බස්නාහිර පළාත් සභාවට තරග වැදීම සඳහා අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සහ මහජන නියෝජිතයන් නීති විරෝධී අන්දමින් කටයුතු කිරීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා තදබල විවේචනයක් එල්ල කොට තිබිණි.

අප පුන පුනා ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ, අපක්ෂපාතී සහ පිළිගත හැකි පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් මෙම සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ යුතු බවත්ය.

එසේ වුවත් දැන් අපට පෙනී යන කාරණය වන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම සිද්ධිය තුළින් රජයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට දේශපාලන වාසි ලබා දීමට උත්සාහ දරන බවකි. මෙය පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර පාලක පක්ෂයේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඉතාම නිර්ලජ්ජිත ලෙස පාවිච්චි කෙරුණු අවස්ථාවකි.

රොයිස් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හරිහැටි ආරම්භ වන්නටත් මත්තෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදු කළ මෙම ප්‍රකාශය සළකා බලන විට අපට පෙනී යන්නේ සාධාරණ සහ අපක්ෂපාතී අන්දමට මෙම පරීක්ෂණය සිදුවේද යන කරුණ සම්බන්ධයෙන් බරපතල සැකයක් මතු වන බවයි. සාධාරණ පරීක්ෂණයක් සිදු නොකර මේ හරහා දේශපාලන වාසි ලබා ගැනීමට රජය ගන්නා උත්සාහය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ඉහත කී ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මෙම දේශපාලන මුහුණුවරක් ගත් ප්‍රකාශය මුළුමහත් පොලිස් සේවයටම කැළලක් වන අතර එය රාජ්‍ය සේවයේ සියලූ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්ද වේ.

රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිදු පක්ෂයක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටිය යුතු අතර වර්තමාන තත්ත්වයන් සළකා බලන විට පෙනී යන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා යනු හුදෙක් දේශපාලන හොරණෑවක් පමණක් බවයි. තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නොව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බව අජිත් රෝහණ මහතාට අමතක වී ඇති බව පෙනේ.

මේ නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට සිය තනතුරේ රැඳී සිටීම සඳහා කිසිදු නීතිමය හෝ සදාචාරමය අයිතියක් නැති අතර සාධාරණ සහ අපක්ෂපාතී නිලධාරියෙකු වශයෙන් කටයුතු කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව මෙම ක්‍රියාකලාපය හරහා ඔහු තහවුරු කොට තිබේ. මේ නිසා ඔහු වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට අපි යෝජනා කරමු.

අනෙක් කාරණය වන්නේ නීතිඥයෙකු වශයෙන් තමන් හඳුන්වා ගන්නා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නීතියෙන් වැරදිකරුවකු වන තෙක් කිසිදු පුද්ගලයෙකු අපරාධකරුවෙකු ලෙස සැලකිය යුතු නොවේ යන නීතියේ මූලික සිද්ධාන්තය පවා නොදැන ක්‍රියාකිරීමයි. මේ නිසා ඔහු ප්‍රකාශ කරන සිය වෘත්තිය සුදුසුකම් ගැන අපට බරපතළ සැකයක් මතුවේ. එබඳු ඉතාම සරල කරුණක් පිළිබඳවත් අවබෝධයක් නැති පුද්ගලයෙකු පොලිසියේ ඉහළ තනතුරකට පත් වූයේ කෙසේද? යන්න මේ සමගම මතු කළ යුතු තවත් ප්‍රශ්නයකි.

අවසානයේ අපට එළඹිය හැකි නිගමනය නම් වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිසේත්ම එම තනතුරේ රැඳී සිටීමට සුදුසු පුද්ගලයෙකු නොවන බවයි. අප ඔහුගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ පොලිස් සේවයේ ගරුත්වය මෙන්ම සිය ආත්ම ගෞරවයද රැකගෙන එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසටය.”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article