spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙන්ඩිස් මාවතේ අනවසර රථගාල දැන්වත් නවතීද?

Must read

IMG-72441efde4f7f5b8192f0cb16f0070bb-VIMG-6617762e415aa958e2de004b42eff246-V

මීගමුව,  රෝහල  සහ  මාරිස්ටෙලා  විදුහල  අතර  ඇති  මෙන්ඩිස්  මාවත  කලක්  තිස්සේ   රථගාලක්  ලෙස  යොදා ගැනීම  නිසා  එහි  නවතා  තැබූ  යතුරුපැදි  අතුරුදහන්වීම  පිළිබඳව  මීගමුව  පොලීසිය  නිතර  සිහිකැඳවමින්   අදාල  දැන්වීම්  පුවරු  පවා සවිකළ  නමුත්  එය  නවතා  ගැනීමට  නොහැකි විය. වාහන  සොරකමේ  යෙදෙන  අයට  මෙහි  නවතා  තැබූ  වාහන  ඉතා  පහසුවෙන්   රැගෙන  යාහැක.  එය  සොරුන්ට  ලැයිසන්  දීමක්  වැනි  යැයි  පවසමින්  අප  මේ  සම්බන්ධව අවස්ථා  ගනනාවකදී  ලිපි පළ කර ඇත.  නමුත්  මේ  සියල්ල  බීරි අලින්ට  වීනා  වැයීමක්  බවට  පත්විය.

2019 –  27- 03  වන  දින  සෙත්සරණ,  කරිටාස්  ආයතනය  විසින්  සූදානම්  කර  තිබුනු  අන්තර්  ආගමික  සහජීවනය  සඳහාවූ    මාධ්‍ය  වැඩසටහනේදී   මීගමුව  පොලීසියේ  ස්ථානාධිපති  වුඩ්ලර්  මහතා  මෙම  ප්‍රශ්ණය  පැතිකිහිපයකින්  පැහැදිළි  කරමින්  කියා  සිටියේ  මේ  සඳහා  දඩයක්  ගැසීමට  අසීරු  තත්වයක්  පවතින  නමුත්  මෙය  කෙසේ හෝ  නවතා ගත යුතු  බැවින් ,   දඩයක්  දෙකක්  ගසා හෝ  මෙය  නතරකිරීමට  කටයුතු  යොදන  බවයි.  නමුත්  එම   අදහසද   ක්‍රියාත්මක  නොවූ  අතර  තව දුරටත්    වාහන  නතරකිරීම  දිගටම  ක්‍රියාත්මක විය.  නමුත්  පසුගිය  දිනවල   කටුවපිටිය  දේවස්ථානයේ  සිදුවූ   ව්‍යසනයෙන්  පසුව  රටපුරා  යෙදූ  ආරක්ෂිත  වැඩසටහනට   මෙම  මෙන්ඩිස්  මාවත  කෙරෙහි  අවධානය  යොමුවූ  බැවින්   මේවනවිට  පොලීසිය  සහ  හමුදාව  මැදිහත්වී  වාහන  නවතා  තැබීම   තහනම්   බව  දැක්වෙන   දැන්වීම්  පුවරු  එල්ලා   එම  ස්ථානයේ  හමුදා  සෙබළුන්  මගින්   ආරක්ෂාව  ලබාදී    තිබින.  නමුත්  තත්වය  සාමාන්‍ය  අතට  හැරෙන  විට  නැවත  වරක්  සුපුරුදු   රථගාල  නිර්මාණය  වේදැයි  සැකයක්  ඇතිවනේ ඊයේ දිනයෙත් එහි යතුරු පැදි දමා ගොස් තිබුණ අයුරු දැකගතහැකිවිය.
ඒ නිසා  මෙම  තත්වය  දිගටම  පවත්වා  ගැනීම  පොලීසියේ  වගකීමක්  වනු  ඇතැයි  අප  අවධාරණය  කරන්නෙමු.IMG-a81fd9ff3b664bfea17c85d77af42366-V

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article