spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙරටින් තුරන් කල පසු නැවතත් හිස ඔසවන ලකුණ පෙන්වන මැලේරියාව ගැන දැනගනිමු

Must read

malaria

මැලේරියාව කියන්නේ මොකක්ද?

මලේරියාව හදුන්වන්නේ මාරාන්තික රෝගයක් ලෙසටයි. සාමාන්‍යෙයන් මේ රෝගය බෝ වෙන්නේ මේ රෝග වාහක ඇනෝපිලස් මදුරුවන් සපා කෑම නිසයි.මෙම ඇනෝපිලස් මදුරුවන් තමනගේ දේහය තුල ප්ලස්මෝඩියම් පරපෝෂිතයන් දරා සිටිනවා. ඒ නිසාම මේ මදුරුවන් විසින් අපව සපා කෑ විට මෙම ප්ලස්මෝඩියම් පරපෝෂිතයන් අපගේ රුධිරට එක්වීම සිදුවෙනවා. 

එම මදුරුවන් අපගේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීමෙන් පසු ඔවුන් අප ශරීරයේ අක්මාව වෙත ගමන්කරනවා. අපගේ අක්මාවේදී තමයි ප්ලස්මෝඩියම් පරපෝෂිතයන් මේරීම සිදුවන්නේ. එයින් දින කිහිපයකට පසු නැවතත් මෙම පරපෝෂිතයන් අපගේ රුධිර සංසරණ පද්ධතියට එත්වන අතර ඉන්පසු ඔවුන් අපගේ රතු රුධිර සෛල ආසාධනය කිරීමට පටන් ගන්නවා.

මැලේරියා රෝගය වාර්ථා වන්නේ එම පරපෝෂිතයන්ට සුදුසු කාලගුණයක් ඇති නිවර්තන හා අර්ධ නිවර්තන රටවල් වලයි. මේ වන විට නිකුත්වී ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථා වලට අනුව ලොවපුරා මිලියන 3.2ක ජනතාවක් මැලේරියා රෝගී තත්වය වැලදීමේ තර්ජනයකට ලක්ව ඇති බවයි.

මැලේරියා බෝවෙන්නේ කොහොමද?
ප්ලස්මෝඩියම් පරපෝෂිතයන් සිටින ඇනෝපිලස් මදුරුවන්ගේ සපාකෑම නිසා මේ රෝගය බෝවී සිදුවනවා. ඊට අමතරව මැලේරියා රෝගය සහිත මවක් තම දරුවා ප්‍රසූතකරන අවස්ථාවේදීද මෙම රෝගය එම දරුවාට වැලදීම සිදුවනවා. එලෙසම අවයව බද්ධ කිරීමකදී,රුධිර පාරවිලයනයකදී,මෙන්ම මැලේරියා රෝගියෙකුට භාවිතා කල සිරින්ජර වැනි දේ වෙනත් පුද්ගලයන් වෙනුවෙන් භාවිතා කලහොත්ද මේ රෝගය බෝ වෙන්න පුළුවන්.

malaria-transmission-article-3B

මැලේරියාවේ රෝග ලක්ෂණ මොනවාද?
සාමාන්‍යයෙන් මැලේරියා ආසාදනය වීමෙන් දින 4 – 10ත් අතර තුලදී රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ සිදුවනවා. නමුත් ඇතැම් අවස්ථාවන් වලදී මෙම මැලේරියා රෝග ලක්ෂණ ඇති වීමට මාස කිහිපයක් ගතවීමට හැකි අවස්ථාවන්ද  පවතිනවා.

  • ඇග වෙව්ලීම
  • අධික උණ
  • අධික ලෙස දහඩිය දැමීම
  • හිසරදය
  • ඔක්කාරය / වමනය
  • උදරයේ වේදනාව
  • පාචනය
  • රක්තහීනතාවය
  • මලපහ සමග ලේ පිටවීම

මැලේරියා තත්වයේ ඇති බරපතල සංකූලතාවයන් මොනවාද?

  • මොළයේ රුධිර නාල ඉදිමීම.
  • පෙනහළු වල තරලඑක්රැස් වීම
  • වකුගඩු,අක්මාව හා ප්ලීහාවේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති වීම.
  • රතු රුධිර සෛල විනාශවීම නිසා ඇති වන රක්තහීනතාවය
  • රුධිරයේ සීනි මට්ටම පහත වැටීම

ඔබට මැලේරියා රෝගය වැලදී ඇති බව දැනගත් විට රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්යයි. එහිදී ඔබගේ ආසාදනයේ තත්වය මත ඔබට අවශ්‍යවන ඖෂධ වෛද්‍යවරුන් විසින් නියම කරනු ඇති. මැලේරියා රෝගය  සුවවීමෙන් පසු සාමාන්‍යයෙන් පසුකාලීනව සංකූලතාවයන් ඇති වන්නේ නැහැ. නමුත් මැලේරියා රෝගයත් සමගම සංකූළතාවයන් ඇතිවුවහොත්නම් එය පසුකාලීනය බලපාන තත්වයන් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මැලේරියාව නිසා රෝගියාගේ මොළයේ රුධිර නාල ඉදිමීම වුවහොත් පසුකාලීනව මොළයට හානි සිදුවෙන්න පුළුවන්.

මැලේරියාවෙන් ගැලවෙන්නේ කොහොමද?
මැලේරියාව සදහා මේ වන තෙක් එන්නත් සොයාගෙන නැහැ. ඒ නිසාම ඔබගේ ප්‍රදේශයේ මැලේරියා රෝගය ඇත්නම් මදුරුදැල් භාවිතය,මදුරු විකර්ෂක ආලේප භාවිතය වැනි ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වනවා.

මුලාශ්‍රය – www.healthline.com

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article