spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙවර පාර්ලිමේන්තුවට විමල්ගේ පක්ෂයෙන් 06ක්

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු මේ වන විට 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම

සඳහා තේරී පත්ව ඇත.

ඒ අනුව දිස්ත්‍රික් පදනමින් තේරී පත්වූ පුද්ගලයින් මෙසේය.

1 -කොළඹ දිස්ත්‍රික්කයෙන් ජානිපෙ නායක, විමල් වීරවංශ,

2 – කළුතර දිස්ත්‍රික්කයෙන් ජාතික සංවිධායක ජයන්ත සමරවීර,

3 – නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජානිපෙ දේශපාලන මණ්ඩල සභික නිමල් පියතිස්ස,

4 – රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගාමිණී වලේබොඩ

5 – අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් උද්දික ප්‍රේමරත්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්  පාර්ලිමේන්තුවට නම් කර තිබේ.

2015 දී රාජපක්ෂවරුන් ලැබූ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ යළි දේශපාලනික වශයෙන් ඔසවා තිබීමටත් පසුගිය ජනාධිපතිවරණයේදී ‘පොහොට්ටුවේ’ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම්කරවීමට හා ඔහුව දිනවීමට විශාලතම මතවාදීමය කාර්යභාරයක් ඉටුකළේ විමල් විරවංශ හා ඔහුගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ හා ජාතික සංවිධාන ජාලයයි.

විමල්, සරත්ට ‘සෙකන්ඩ් වීම’ හා බැසිල් ගේ මැදිහත්වීම :

කෙසේවුවද විමල් විරවංශගේ  ‘ජාතික සංවිධාන’ ජාලය’ නායකයින් විසින් පොහොට්ටු’ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ වෙත පසුගිය සමයේ වරින්වර එල්ලකළ දැඩි දේශපාලන විවේචන හේතුවෙන් දෙපාර්ශවය  අතර යම් සිතල ගැටුමක් තිබුන ද පසුගිය සමයේ යම් එකඟතාවයක් ඇතිකර ගැනීමට ඔවුන් සමත්ව තිබිණ.

නමුත්, මෙවර මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රීක්කයෙන් ‘පොහොට්ටු’ පක්ෂයෙන් වැඩිම මනාප ලබාගැනීමට සරත් විරසේකරට පුර්ණ අනුග්‍රහය දැක්වීම හරහා බැසිල් රාජපක්ෂ විමල් විරවංශව දමනය කර ගැනීමට සමත්ව ඇත.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article