spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ අර අඳින්නේ ආයිමත් අසරණ සුනඛයන් ලක්ෂයක් මරා දමන්නද?

Must read

මේ අරඅඳින්නේ ආයිමත් අසරණ සුනඛයන් ලක්ෂයක් මරා දමන්නද?- මානුෂික ක්‍රම මඟින් සත්ව ගහණ කළමණාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර

මිනිස්සුන්ගේම වැරැද්දෙන් පාරට වැටිච්ච මිනිස්සුන්ගේම නොසැලකිල්ලෙන් පාරේ අනාථ වෙච්ච අසරණ සුනඛයන්ගේ ජීවිත වලට නැවත වාරයක් තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. අපි දන්නෙ නෑ සුනඛ ගහණය වැඩිවෙලා කියලා කියන කාරණය ඇතුළත ඇත්තටම එහෙම වැඩි වෙලා නැති මොහොතක පශු වෛද්‍යවරු විදිහට ඇත්තටම ගහණය පිළිබඳ විශේෂඥයෝ විදිහට අපි ලංකාවේ ඉන්න සුනඛ ගහණය මිලියන 2.1ක් කියලා අපි කියද්දිත් එහෙම නෙමෙයි 6.2 ක් ඉන්නවා කියන්නෙ ඇයි කියලා?.එහෙම කියා ගනිමින් උත්සාහ කරන්නේ 2006 වසරට කලින් වගේම නැවත වාරයක් සුනඛයෝ ලක්ෂයක් මරල දාන්න වෙන්නත් පුළුවන්. අපිට මේ වෙනුවෙන් එකතු වෙලා කරන්න අරගලයක් තියෙනවා. හැබැයි ඒ වගේම අපිට එකතු වෙලා කරන්න යුතුකමකුත් තියෙනවා. පළමුවෙනි දේ තමයි ඇත්තටම ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න සත්තු ටික පුළුවන් තරම් පාරට යවන්නෙ නැතුව ගෙදර තියා ගන්න උත්සාහ කරන එක. ඒකත් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම පුළුවන්කම තියෙන අය ඇත්තටම සත්තුන්ට වඳ සැත්කමක් කරන්න සාමාන්‍යයෙන් රුපියල් 3000ත් 4000ත් අතර ප්‍රමාණයක් තමයි වැය වෙන්නෙ. ඉතින් පුළුවන් හැම කෙනෙක්ම කරන්න පුළුවන් හැකියාව තියෙන හැම කෙනෙක්ම ඒ සඳහා එක සතෙක්ව හරි වඳ සැත්කමක් කරගන්න. ඒ සඳහා පශු වෛද්‍ය කාර්යාල වලට ඔබට සත්තු අරන් යන්න පුළුවන්. රුපියල් 3000යි 4000යි අතර ප්‍රමාණයකට ඒ වඳ සැත්කම කර ගන්න පුළුවන්.

ඒ වගේම මම සත්ත්ව සුභ සාධන සංවිධාන මගින් ඉල්ලීමක් කරනවා අපි දන්නවා ලංකාවේ අවුරුද්දකට රජය වඳ සැත්කම් කරන්නෙ 30000කට අඩුවෙන්. නමුත් සත්ත්ව සුබ සාධන සංවිධාන මගින් සත්තු 35000යි 40000යි අතර ප්‍රමාණයක් වඳ සැත්කම් කරනවා. අපි ඉල්ලන්නෙ පුළුවන් නම් සැලසුම් සහගත විදියට විශේෂයෙන්ම නගරාශ්‍රිතව තව තවත් වැඩසටහන් කරන්න පුළුවන්නම් ඇත්තටම මේ ප්‍රශ්නෙට අනිත් පැත්තට උත්තරයක් හම්බවෙනවා. ඉතින් ඒ නිසා අපි එකතු වෙමු; මොකද මේ සත්තුන්ගේ ජීවිත වල වටිනාකම අපි දන්න නිසා. ලංකාවේ ඉන්න මිනිස්සු බහුතරයක් මේ සුනඛයන්ට ආදරෙයි. හැබැයි ආදරේ නැති මේ සුනඛයෝ කරදරයක් කියලා හිතන මේ සුනඛයන්ගේ ජීවිත විනාශ කරන්න බලන් ඉන්න පිරිසකුත් අපි අතරේම ඉන්නවා. ඒ නිසා අපි එකතු වෙන්න ඕන අපිට පුළුවන් හැම වෙලාවෙම පුළුවන් ප්‍රමාණයක් මේ විදියට ඇත්තටම මේ සත්තුන්ට වද සැත්කම් කරලා එන්නත් ලබා දීලා අපි මේ සත්තු රැක ගන්න බලා ගන්න ඕන. ඇත්තටම සත්තුන්ට ආදරේ කරන අයගෙන් ඉල්ලන්නෙ පාරේ ඉන්න එක සතෙක් හරි ඕගොල්ලන්ගේ ගෙදර අරන් යන්න. ඒ ගොල්ලන්ව ආදරෙන් රැක බලා ගන්න. මොකද ඒ සත්තු පාරට වැටුනේ අපේම මිනිස්සුගේ වැරැද්දෙන්. ඒ සත්තුන්ට හෙට දවසේ මරණයේ අමිහිරි වේදනාව විදින්නට සිද්ධ වෙන්නෙත් ඇත්තටම අපේ ඉහළ ඉන්න අය හරියටම තීන්දු තීරණ ගන්නේ නැතුව වැරදි විදිහට ඒ ගැන තමන්ගේ අවශ්‍යතාවය පිට කරන්න යන වැඩ නිසා. ඒ නිසා පළවෙනියටම අපි අපේ යුතුකම කරමු. දෙවෙනියට කුමන්ත්‍රණ කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමු.මේ අසරණ සත්තුන්ව ආරක්ෂා කරමු. මොකද මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් මේ ලෝකෙ ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඔබත් මමත් හිතාගන්න බැරි තරම් නරක තැනක් මේ. ඒ නිසා ඔබත් අපිත් එකතු වෙමු එකතු වෙලා මේ අසාධාරණේට විරුද්ධව වැඩ පිළිවෙලකට එකතු වෙමු. එයට විරුද්ධව සටන් කරමු.

පශු වෛද්‍ය චමිත් නානායක්කාර

මානුෂික ක්‍රම මඟින් සත්ව ගහණ කළමණාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ
www.vinivida.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article