spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යහපාලනයත් නිහඩ වෙච්ච යමපාලනයට එරෙහිවු කොසු ඉදල් සටන !

Must read

යමපාලනයමිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ඊයේ අනවසර ස්ථානයක් ඉවත් කිරිම මිගමුව මහනගර සභාව විසින් දියත් කරන්නට යෙදුන නිති විරෝධි මැදිහත්විමට කාන්තාවන් පිරිසක් කොසු ඉදල් ගෙන විරෝධය පළකරන අයුරු ගැන ඡායාරූප දැන් අන්තර් ජාලයේ සැරිසරමින් තිබේ.එයටම කදිම ප්‍රතිචාරයක් දක්වන කාන්තා  හඩපටයක්ද මේ වන විට ඉහල අවධානයක් සයිබර් අවාකශය තුල දිනා ඇත.එ් හඩ පටය මගින් කරනු අභියෝගය හමාර වන්නේ යමපාලනයේ රෙදි ගලවමිනි.
කිසියම් අනවසර ඉදිකිරිමක් ඉවත් කිරිම දැමිමට අනුගමනය කළ යුතු ක්‍රමවේදියක් ඇති බව මිගමුව එජාප ආසන සංවිධායක විපක්ෂ නායක රොයිස් විජිත මහතා කියයි. ඒ අනුව ඔහු අවධාරණය කර සිටින්නේ ලිඛිත දැනුම් දිමක් සිදුකර දින 14 ක් කල් දිම අනිවාර්ය බවය.
එහෙත් අදාල සිදුවිමේදි එවැනි කිසිදු ලිඛිත දැනුම් දිමක් සිදුකර ඇති බවට මේ වන විට කිසිදු සාක්ෂියක් නැත.තතු එසේව තිබියදි මිගමුවේ බදුගෙවන ජනයාගේ බදු මුදල් වලින් නඩත්තු වන නගර සභාව මැරසේවකයන් පිරිසකගේ ද මැදිහත්විම යටතේ පොලිස් ආරක්ෂාවද ඇතිව මෙම නිති විරෝධි මෙහෙයුම ඊයේ දිනයේ දියත් කර තිබුනේ තමන්ගේ ඇහේ පොල්පාරලයක් තබාගෙන අනුන්ගේ ඇස්වල පොල් කිරි හොයන්නෙකු ලෙස දැනටමත් ප්‍රකට වෙමින් සිටින් මිගමුව පුරපති මොසෙස් ලංසා විසිනි.
කව්රුන් හෝ විසින් පොදු දේපලක් පුද්ගලිකව අපහරණය කරන්නේ නම් නිති ප්‍රකාරය ඒවාට එරෙහිව කටයුතු කළ යුතුව තිබේ.
ගන්ටන් විසින් පොදු දේපලක් අපහරණය කරමින් ක්‍රියාකරන්නේ නම් එයට එරෙහිව කටයුතු කලයුතු අන්දමක් තිබේ.
එහෙත් ඊයේ දිනයේ මිගමුව පෙරියමුල්ලේදි මෙවන් නිති ප්‍රකාර මැදිහත්විමක් සිදුව නොතිබුනේ යැයි මිගමුව එජාප සංවිධායක රොයිස් විජිත පවසා සිටියි.
ඊයේ දිනයේදි ක්‍රියාත්මක වු මේ දඩිබිඩි මෙහෙයුමේ ඇත්තම කාරණය වන්නේ දයාන් ලංසාගේ පියාගේ බිච් පාක් එකට සති අන්තයේ පැමිණෙන අති විශාල වාහන නිසා මේ කණත්ත පාරේ ඇතිවන මාර්ග තදබදය නිසා ප්‍රදේශවාසින්ගෙන් කලක් තිස්සේ එල්ලවෙමින් ඇති චෝදනාවලට දක්වන ලද ප්‍රතිචාරයක් විනා නගර සභාවේ පොදු දේපල රැකගැනිමක් වෙනුවෙන් කළ එකක් නම් නොවේ .මේ යමපාලනයට පොදු දේපල රැකිමට ඇත්තටම උවමනාවක් ඇතිනම් අප අභියෝග කරන්නේ තෝරා බිඩි මුදලාලිගේ අනවසර සමාජ ශාලාව ජයනාත්ගේ කාණු රක්ෂිතයේ දෙමහල් ව්‍යාපාරික ස්ථානය සහ ජේයාරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ නමින් ඇති ගෘහස්ත ක්‍රිඩාංගනයේ අනවසර පරිහරණයරි සහ රහිමියා හෝටලයට නිමල් ලංසා විසින් අතයට ගණුදෙනුවලින් විකුණා පොදුදේපල ගැනද මැදිහත්විය යුතුව ඇත.
තතු මෙසේව තිබියදි මෙවන් යමපාලනය ක්‍රියාකාරිත්වයකට එරෙහි වන්නට මිගමුවේ යහපාලනය පවා අසමත් වෙමින් තිබියදි කාන්තාවන් පිරිසක් කොසු ඉදල් ගෙන කදිම විරෝධයක් ඊයේ මුදාහැර තිබුනේ මිගමුව තුල ක්‍රියාත්මක යමපාලනයට එරෙහිවය.
අපේ භාෂාවෙන් කියන්නේ නම් ඇත්ත වශයෙන් එය සැලියුට් කළ යුතු ක්‍රියාවකි.
(ඡායාරූප – නගරාධිපති මාධ්‍ය ඒකකයෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article