spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රජයේ ඉඩමක් ගොඩකරල හදපු හෝටලයක් ඇතුළේ ඉදන් මහින්ද රාජපක්ෂ නිදහස ගැන කථා කරයි

Must read

රැනොවෙල් හෝටලය විවෘත කළ දා
රැනොවෙල් හෝටලය විවෘත කළ දා

රජයේ දේපලක් වෙච්ච සිතියම් ගත ඇලක් වෙනස් කරල ඒ ඉඩමත් අල්ලගෙන හදපු රැනොවෙල් කියන හෝටලයට ඇවිත් 68 වෙනි නිදහස දවසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිදහස ගැන කථාකරන්න වෙච්ච එක කොච්චර නම් දෛවයේ සරදමක්ද ?Ranowellමහින්ද

මීගමුව සහ කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම සලකුණ කරනු ලබන කොච්චිකඩේ නගරය සමිපයෙන් මා ඔයට ජලය බැස යන ස්වාභාවික ජල මාර්ගයක් තියෙනවා ඒකට කියන්නේ . තෝප්පුව ඇල කියලා.අඩි 20 ක් පමණ පළල  මේ ඇලේ  ස්වාභාවික පිහිටිම වෙනස් කරලා  2012 ඔක්තෝබර් 10 වනදා එනම් පළාත් පාලන මැතිවරණය තිබ්බ දවසේ අළුත් ඇල මාර්ගයක් කපන්න කොච්චිකඩේ ප්‍රදේශයේ කැලුම් නම් ව්‍යාපාරිකයෙකු කටයුතු කරනවා.මා ඹයට ඇදෙන මේ ඇල එක්තරා තැනකදි දකුණ දෙසට වු වංගුවක හැඩයක් අරගෙන තමයි  මා ඔය කරා ගමන් කරන්නේ

මේ වංගුව සහිත කොටසේ මායිම පිහිටා තියෙන්නේ  මේ කැලුම් නම් ව්‍යාපාරිකයාගේ ඉඩමටයි.ඒක අයිති වෙන්නේ කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයට.

කැලුම් මෙතනදි දෙන්නේ මාර ගේමක් . මොකද එයාට ඕන වෙනව මේ ඇලේ වංගුව කෙලින් කරල  ඒ කැල්ලත් එයාගේ ඉඩමට ඈදගන්න.මේ හින්ද මීගමුවේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය පැත්තෙන් තවත් ඉඩ අරන් තමයි මේ කෘතිම ඇල කපන්නේ.මේ ක ඇත්තටම බරපතල නිති විරෝධි කටයුත්තක් .නමුත් කටාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉන්න ලොක්කන්ගේ ඉදල බක්කෝ දක්වාම මේ ගැන කිසිම දෙයක් කියන්නේ නැ.තෝප්පුව  ඇලේ කටාන පැත්තේ ග්‍රාම නිළධාරියාට මේව ගැන වගේ වගක් නැ මිනිහට ගිනිකන වැටිල තියෙන්නේ අත මිට මොළවපු හින්ද …
මහදවල් සිද්ධ වෙච්ච මේ හොරකම් කරන්න නිදහස තියෙන්නේ මහින්ද රාජපක්ෂ හොරු රකින පාලකයෙක්ට විතරමයි.
මේ හෝටලය විවෘත කරන දවසේ මිස්ටර් 10% ,සරත් ගුණරත්න ,ඇයි නිමල් ලංසා ,මේ හැමෝම එනවා .මෙයාල තමයි මේ මහදවල් හොරකම කරන්න උඩගෙඩි දෙන්නේ .

රැනොවෙල් හෝටලය විවෘත කළ දා
රැනොවෙල් හෝටලය විවෘත කළ දා

 

කටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල බලප්‍රදේශයන් දෙකටම අයත් තෝප්පුව ඇල නීතිවිරෝධි ලෙසින් ගොඩකර තනා ඇති රැනෝවේල් හෝටලයේ විවෘත කිරිමේ උත්සවයට ප්‍රධාන අරාධිතයෙක් හැටියට  පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත් ඇවිල්ල හිටිය ..

ඉතින් 2016 පෙබරවාරි 04 වෙනිදා මහින්ද රාජපක්ෂ අපේ නිදහස දැන් නැති කරලා කියල රටටම කෑගහල කිව්වේ තමන්ගේ ගෝලයෝ ආණ්ඩුවේ ඉඩම් අල්ලල හදපු හෝටලයක් ඇතුලේ ඉදන්.
ඉතින් නිදහස ගැන තවත් මොනවද කියන්න තියෙන්නේ ,,,,,,,,,,

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article