spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රජයේ නිලපුවත් වෙබ් අඩවිය නව මුහුණුවරකින් අන්තර්ජාලයට එක්වෙයි

Must read

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන රජයේ නිලපුවත් වෙබ් අඩවිය ( www.news.lk) නව මුහුණුවරකින් අන්තර්ජාලයට නිඳහස් කිරීම අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගරයේ දී  සිදු කෙරිණි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් නිල වශයෙන් වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම සිදු කළේ ය.

මෙම අවස්ථාවට එක් වූ මාධ්‍ය ආයතනවල ජනමාධ්‍යවේදීන් වෙත වෙබ් අඩවිය පිළිබඳ හඳුන්වාදීමක්  සිදු කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ සඳහන් කළේ ය.

රජයේ නිලවෙබ් අඩවිය අද තත්ත්වයට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වුණා. ජනතාවට තොරතුරු ගෙන යෑමට ඩිජිටල් මාධ්‍ය අවශ්‍යයි. අප ෆෙස් බුක් (Facebook)  ට්විටර්  ( twitter ) හරහා නිවැරැදි තොරතුරු ලබාදීමට කටයුතු කර තිබෙනවා. එහි එක් පියවර ලෙස වෙබ් අඩවිය යාවත්කාලීන කරන්න කිරීමට කටයුතු කළා. රජයේ තොරතුරු  ජනතාවට ලබාදීමට ප්‍රධාන කාර්යයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට තිබෙනවා. ඉදිරියේ දී වට්ස් ඇප් (whatsapp) හරහා නිවැරැදි තොරතුරු ලබාදීමටත් කටයුතු කරනවා.

මෙම වෙබ් අඩවියට නව තාක්ෂණය ඇතුළත් කර තිබෙනවා. වෙබ් අඩවියේ හැඩය වෙනස් කර තිබෙනවා. ජංගම දුරකත්නය හරහා වෙබ් අඩවිය වඩා පහසුවෙන් නැරඹීමේ හැකියාව තිබෙනවා. වෙබ් අඩවියේ ප්‍රවෘත්ති කියවා දෙන පහසුකම් සළසා දීම,වර්ණ අන්ධතාවය ඇති අයට වෙබ් අඩවිය පහසුවෙන් නැරඹීමේ හැකියාව  ආදී පහසුකම් රැසක් ඇතුළත් කොට තිබෙනවා. ඉදිරියේ දී තවදුරටත් මෙම වෙබ් අඩවිය සංවර්ධනය කෙරෙනවා. ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව උදා කරනවා. ජනමාධ්‍යවේදීන්ට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් මේ මස දී හඳුන්වා දීමට කටයුතු කරනවා. එමෙන් ම ජනමාධ්‍ය හැදුනුම්පත  යාවත්කාලීන කිරීමට කටයුතු කරනවා. ඒ පිළිබඳව මේ වනවිට සාකච්ඡා කෙරෙමින් තිබෙනවා යැයි ද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

සිංහල ,දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම ක්‍රියාත්මක රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි. 1996 වර්ෂයේ මැද භාගයේ දී news.lk නමින් ආරම්භ කළ එය අන්තර්ජාලයට මුදාහරින ලද්දේ 1997 මාර්තු මස 01 දින දීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article