spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රජයේ වාහනයක් නගර සභාවේ නවතා තබන්නට රු 2000 ක් ඉල්ලලා ?

Must read

මීගමුව මහනගර සභාවේ කොමසාරිස් පාලනය දැන් වැඩියෙන්ම උනන්දුවක් දක්වන්නේ මහජන සේවා වඩාත් කාර්යක්ෂම  ලෙසින් ඉටුකිරිමට වඩා නගර සභාවේ අදායම් ඉහල දමා ගැනිමටය.
ඒ අරමුණින් පිස්සන්ට හැතැම්ම නැති ගාණට ඇතැම් සේවාමය අංශවල ගාස්තු විශාල ප්‍රමාණයන්ගෙන් ඉහල දමමින් තිබේ.රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුව වෙනුවෙන් රු1000ක මුදලක් වැඩිකිරිම ගැන අප දැනටමත් පාඨක අවධානයට යොමුකොට ඇත.

මේ ගැන අද අපට ලැබෙන අළුත්ම ආරංචිය වන්නේ මේ කොමසාරිස් පාලනය විසින් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ වාහනයක් රාත්‍රි කාලයේ නගර සභා භුමියේ නවතා තැබිම වෙනුවෙන් දෙපාර්තමේන්තු මට්ටමින් සිදුකරන්නට යෙදුන ලිඛිත ඉල්ලිමක් වෙනුවෙන් මීගමුව නාගරික කොමසාරිස් පාලනය රු 2000 ක් මේ සදහා ඉල්ලා තිබිමය.
මේ වාහනය කොළඹ සිට මීගමුව දක්වා එකි දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණිවල නිලධාරින් රැගෙන එන අතර ඉන් අනතුරුව වාහනය මීගමුවේ රජයට සම්බන්ධ ස්ථානයක නවතා තැබිය යුතු වන්නේ එහි රියදුරා පසුදින දංකොටුවේ සිට පැමිණ පසුදින මේ සියළු විධායක නිළධාරින් කොළඹ බලා රැගෙන යාමටය.
එහෙත් මෙම ඉල්ලිම එසේ මිළ කිරිම නිසා දැන් මෙම රථය  රජයට සම්බන්ධ වෙනත් ස්ථානයක නවතා තැබිමට දේශිය ආදයම් බදු දෙපාර්තමේන්තුවට සිදුව ඇත.

Bribe-for-Passport-Police-Verification

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article