spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අරවින්ද ද සිල්වාගේ පසු මෙරටට සිදුවූ හොදම සිදුවීම ලසිත් මාලිංගයි – සර් විවියන් රිචර්ඩ්ස්

Must read

Malinga

එදාමෙදාතුර ශ්‍රීලංකාවෙන් බිහිවූ වඩාත්ම චිත්තාකර්ෂණීය ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ලසිත් මාලිංග බව වැඩි දෙනෙකුගේ විශ්වාසයයි. ඔහුගේ ඩයි කල කොණ්ඩය,විදින ලද ඇහි බැම, ටැටුස් හා ඔහුගේ  පන්දු යවන ස්වාභාවය නිසැකවම ක්‍රීඩා ලෝලීන්ගේ ආර්ෂණය දිනා ගැනීමට සමත්.

ගාල්ල ප්‍රදේශයේ උපන් මාලිංග මුල්ම කාලයේදී ක්‍රීඩාකර ඇත්තේ හික්කඩුව මුහුදු තීරයේයි. එවැනි අවස්ථාවල ටෙනිස් බොලයේ බූල් කපා එය පුච්චා බෝලය තවතවත් ශක්තිමත් කරමින් පන්දුයැවීම තමයි ඔහු සිදුකර ඇත්තේ.කෙසේ හෝ මාලිංගව හදුනාගන්නේ හිටපු ශ්‍රිලංකා පන්දු යවන්නෙක් වන චම්පක රාමානායක මහතායි.මාලිංගගේ දක්ෂතාවයෙන් පැහැදුනු  චම්පක විසින් මාලිංගට ශ්‍රීලංකා ක්‍රිකට් වෙත යොමු වීමට ආරාධනාවක් කර තිබෙනවා. දේශිය තරගවලදී වඩාත් කැපීපෙනන දක්ෂතා පෙන්වූ මාලිංග 2004 වසරේදී ඕස්ට්‍රේලියානු සංචාරය සදහා නම්කරනවා. එම තරගාවලියේදීම ඩාර්වින් හිදී ටෙස්ට් වරම් ලබන මාලිංග තම පලමු තරගයේදීම කඩුළු 6ක් දවා ගැනීමට සමත් වෙනවා. එම කඩුළු හයේ තවත් විශේෂත්වයක් වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන ඩැරන් ලෙහ්මාන් හා ඇඩම් ගිල්ක්‍රිස්ට් එකම පන්දුවාරයේදී දවා ගැනීමට මාලිංග සමත් වීමයි. පසුව එම වසරේදීම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව එක්දින වරම් ලබන මාලිංග එක්දින තරගවලදී කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙන් බවට පත්වනවා.

එම කාලයේදී නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගයකදී තවත් කඩුළු 9ක් ලබා ගනිමින් ශ්‍රීලංකා පිල ජයග්‍රහණය සදහා ගෙනගිය මාලිංග එහිදී කණ්ඩායමට තරගාවලිය සම කර ගැනීමටද එමගින් අවස්ථාව ලබා දෙනවා.  2007 වසරේදී මාලිංගගේ ක්‍රීඩා දිවියේ තවත් එක් සුවිශේෂී සිද්ධියක් සිදුවුණා.ඒ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයේදී පිට පිට යොමු කල පන්දු 4කදී කඩුළු 4ක් ලබා ගැනීමට ඔහු සමත් වීමයි.එමතරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රීලංකා කණෟඩායමට නෙහැකිවූළුත් ඔහුගේ මෙම දක්ෂතාවය ක්‍රිකට් වාර්ථාවල නොමැකෙන සෙ සටහන් වුණා.

තරග විනිසුරුවන්ගේ බෙල්ට් එක හා ටයි පටිය නිසා මාලිංග යොමු කරන පන්දුව තමන්ට නිසි පරිදි දර්ශණය නොවන බව වරෙක පැවසූ ස්ටීවන් ෆ්ලෙවින් විනිසුරුවන්ගේ ඇදුමේ වරණය වෙනස් කරන ලෙසද ඉල්ලීමක් පවා සිදුකලා. ඒ මාලිංගගේ අසාමාන්‍ය හා අතිදක්ෂ පන්දු යැවීමෙන් අසරණ වූ පිතිකරුවන් යම් පිලිසරණක් සොයාගැනීමට කල උත්සාහයක් ලෙස අර්ථදක්වන්නත් පුළුවන්.

මාලිංග යොමු කරන යෝකර් පන්දුව මේ වන විට සියළුම පිතිකරුවන් දණගැස්සවිය හැකි පන්දවක් බව කවුරුත් පිලිගන්නා සත්‍යයක්. 2007 වසරේදී කැරිබියන් දූපතේදී පැවැත්වූ ලෝක කුසලාන තරගාවලීයේදී සර් විවියන් රිචර්ඩ් පවසා සිටියේ අරවින්ද ද සිල්වාගෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදුවූ හොදම දේ ලසිත් මාලිංග බවයි.

2008 වසරේ පැවැත්වූ CB කුසලානයෙන් පසු ඇතිවූ ආබාධය නිසා දීර්ඝකාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වී සිටීමට මාලිංගයට සිදුවූවත් නැවතත් තමන්ගේ සුපුරුදු රිද්මයෙන්ම කණ්ඩායමට එක්වූ මාලිංග IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුරුකක් බවට පත්වෙමින් විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් වුණා. 2011 වසරේ ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමත් සමගම තමන්ට එක්දින පිටියේ වැඩි කාලයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය වන නිසා ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් තීරණය කල බව මාලිංග විසින් ප්‍රකාශ කල සිටියා. හැමදාමත් ක්‍රිකට් පිටියේ පුවත් මවන චරිතයක් වූ මාලිංගගේ මේ තීරණය ඇතැමුන් විසින් දැඩි ලෙස විවේචනය කලත් මාලිංගගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව නිසා පාදයේ ආබාධයන් ඇතිවීමේ වැඩි අවදානමක් සෙහිතවීමට හේතුවන නිසා ඔහුගේ එම තීරණයේ එතරම් විවේචනාත්මක ලක්ෂණයක් පෙනෙන්නන්ට තිබුණේ නැහැ.

නැවත් වාර්ථා පොත් අළුත් කල මාලිංග 2011 අගොස්තු මසයේදී කඩුළු ත්‍රිත්වයන් තුනක් ලබාගත් ලොව පලමු පන්දු යවන්නා බවට පත්වීමට සමත් වූණා. මාලිංගගේ දක්ෂතාවයන් නිසාම මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙන් බවට පත්වූ මාලිංග IPL තරගාවලියේ කඩුළු 100 ලබාගත් පළමු ක්‍රීඩකයා බවටත් පත්වීමට සමත් වුණා. නැවතත් 2014 වසරේදී කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධණ සහභාගී වූ අවසන් T20 තරගාවලිය මෙන්ම T20 ලෝක කුසලානයේද අවසන් තරග මෙහෙයවීමට අවස්ථාව හිමිවූ මාලිංග 2014 දී ශ්‍රීලංකාවට T20 ශුරයන්ගේ කිරුල පැලදවීමට සමත් වූණා.

2014 වසරේ අවසන් භාගයේදී තමන්ගේ පාදයේ ඇතිවූ ආබාධයක් නිසා නැවතත් තරගබිමෙන් ඉවත්ව සිටීමට සිදුවූ මාලිංග  විටෙන් විට කණ්ඩායමට එක්වී සුපුරුදු දක්ෂතාවයන් දැක්වූවත් නැවතත් ඔහුගේ ආබාධය මතු වීම නිසා දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට මාලිංගය සිදුවුණා.

සංගක්කාර හා මහේල ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමත් සමග දැඩි පසුබෑමකට ලක්වූ ශ්‍රීලංකා කණ්ඩායමට මාලිංග අහිමි වීමත් නැවතත් පිරවිය නොහැකි හිඩැසැක් ඇතිකලා. පසුගිය කාලය පුරාවට දැඩි ලෙස පසුබෑමකට ලක්වූ ශ්‍රීලංකා කණ්ඩායමට හෙට දිනයේදී නැවතත් මාලිංගගේ ආගමනය සිදුවීමට නියමිතයි. ඔහුගේ පැමිණීමම ශ්‍රීලංකා කණ්ඩායමට විශාල ශක්තියක් වනු බව නොඅනුමානයි. නැවතත් අත්දැකීම් සහිත ක්‍රීඩකයන් හා නවක ක්‍රීඩකයන්ගෙන් පිරි කණ්ඩායම්ක් ඕස්ට්‍රේලියානු සංචාරයට එක්වී සිටින නිසා එම තරගාවලිය පිලිබද විශාල බලාපොරොත්තුවක් මේ වන විට මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඇතිවී ඇති බවත් නොඅනුමානයි. තරගාවලි ජයග්‍රහණයක බලාපොරොත්තුවෙන් මෙන්ම ලසිත් මාලංගගේ නැවත පැමිණිම දැකබලා ගැනීමටත් සියළුම ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයන් හෙට දිනයේදී පැවැත්වෙන තරගය නැරඹීමට නොඉවසිල්ලෙන් බලා සිටින බව විශ්වාසයි.

ශ්‍රීලංකා කණ්ඩායමටම නැවතත් සුපුරුදු ජයග්‍රාහී රිද්මයට පැමිණීමට අපෙන් උණූසුම් සුභපැතුම්.

lasith-malinga

මාලිංගගේ පන්දු යැවීමේ සාරාංශය
M Inn B Runs Wkts BBI BBM Econ Avg SR 5W 10W
Tests 30 59 5209 3349 101 50/5 210/9 3.86 33.16 51.57 3 0
ODI 191 185 9207 8081 291 38/6 38/6 5.27 27.77 31.64 7 0
T20I 62 62 1307 1582 78 31/5 31/5 7.26 20.28 16.76 1 0
IPL 98 98 2289 2546 143 13/5 13/5 6.67 17.8 16.01 1 0
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article