spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටත් මිගමුවත් කුමන්ත්‍රණකාරින්ගෙන් නිදහස් ! විධිමත් රථවාහන සැලැස්ම කඩිනමින් !

Must read

police 2

මිගමුව   මහ නගරයක්  වශයෙන්   ඉතා  කලබලකාරී   පරිසරයක්  සහිත  නගරයකි.   ඒ නිසාම  එහි  නිතර  තදබදයක්ද  පවතී.   ඊට  විසඳුමක්  ලෙස   පසුගිය   දිනවල  වන්වේ   නීතිය  අවශ්‍ය  විසඳුමක්  ලෙස  සාකච්ඡාවට  භාජනය  විය.  මීගමු  පොලීසියේ  රථවාහන  අංශය  මේ  සඳහා  දැඩි  කැපවීමකින්   කටයුතු  කළ  බව  අපට  මතකය.  ව්‍යාපාරිකයින්  පිරිසක්  සමඟ  පොලීසියද  මැදිහත්වීමෙන්   වන්වේ  නීතිය   ක්‍රියාත්මක  කරවීමට  හැකිවූයේ  මේ  අනුවය. නමුත්  මේ  පිළිබඳව   නිසි  අවබෝධයකින්  තොරව  හෝ  නැතිනම්  තමන්ගේ  පුද්ගලික  අවශ්‍යතාවය  මත  මෙම  නීතියට  එරෙහිව  පිරිසක්   ක්‍රියාත්මක  වීම  නිසා  මේවනවිට   නැවත  වරක්  වන්වේ  නීතිය  අහෝසි  වී  ඇත.  නගරයේ  මාර්ග  තදබදය  යම්  තරමකට  හෝ  අඩුකර  ගැනීමට  තිබෙන  ඉඩ ප්‍රස්තාව  මේ නිසා   අහෝසි වී  ඇත.

අප  මීට  පෙරද  වන්වේ  නීතියට  කැමතිද?  අකමැතිද?  යන  ප්‍රශණාර්ථය  සහිතව  ලිපියක්  පළ කළෙමු.  එහිදී  ව්‍යාපාරික   ප්‍රජාවගෙන්  සමහරු  සහ  ත්‍රිවිල්  රියැදුරන්  විසින්  විවිධ  අදහස්  පළකළ  අතර   යම්  ආකාරයකින්  පොදු අවශ්‍යතා ගැන  හැඟීමක්  ඇතිව  කල්පනා  කරන   කිහිප  දෙනෙකු   වන්වේ  නීතියේ  ඇති  අවශ්‍යතාවය  ගැන  කරුණු  පැහැදිළි  කරනලදී.

නමුත්  අදවනවිට  මේ  සම්බන්ධව   තිබෙන  රාජ්‍ය  ආයතන  විසින්  ප්‍රශ්ණය  දෙස  අවධානය  යොමුකර  ඇත්තේ   ඉහතකී  පුද්ගලික  අවැසිතා  ගැන  හිතන  අයගේ  පැත්තේ  සිට  බව  පෙනේ.  විශේෂයෙන්ම  නගරසභාව,  මාර්ගසංවර්ධන  අධිකරිය, ප්‍රදේශීය  ලේකම්  කාර්්‍යාලය මින්  ප්‍රධානවේ.  පොලීසියටද  වගකීමක්  තිබෙන  නමුත්,  මීගමුවේ  දේශපාලන  අධිකාරිය  ඊටවඩා  ඉහළින්  සිටිමින්  සියළු  තීරණ  ගන්නා  බැවින්,  නිලධාරීන්  අසරණ  වී  ඇති  බව  අප  දන්නා  කරුණකි. ජනපති සිරිසෙන සහ රාජපක්ෂලා ක්‍රියාත්මක කරනන ලද කුමන්ත්‍රණය නිසා මාස එකාමාරක් මුළු රටත් මිගමුවත් යළි ආපස්සට ගොස් තිබේ.
එසේ නොවන්නට ප්‍රාදේශිය සංවර්ධන කමිටුවට විසින් වහාම මිගමුවේ රථවාහන සැලැස්ම යළි ක්‍රියාත්මක කිරිමට පියවරගැනිමට ගෙන තිබු තීන්දුව ක්‍රියාත්මක වනු ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතරු දෙමින් මිගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති රොයිස් විජිත කියා සිටියේ රථවාහන සැලැස්ම සම්න්ධයෙන් ප්‍රාදේශිය සංවර්ධන කමිටුව විසින් ගනු ලැබු තින්දුව ඉක්මනින් ක්‍රියාත්මක කරන බවය.
.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article