spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටතුල හදුනාගෙන ඇති රෝගින්ගෙන් 48 දෙනෙකුම විදෙස්ගතව සිට පැමිණි අය බව හදුනා ගැනේ !

Must read

angoda-base-hospital-idh-sri-lanka

මේ වනවිට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 77 දෙනාගෙන් 72% ක්ම පිරිමි පුද්ගලයින් වෙති.
දැනට රටතුල හදුනාගෙන ඇති රෝගින්ගෙන්  48 දෙනෙකුම විදෙස්ගතව සිට පැමිණි අය බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර තිබේ.නැගෙනහිර කොළඹ රෝහල හෙවත් මුල්ලේරියාව රෝහලේ ද මේ වනවිට සම්පූර්ණයෙන්ම කොරෝනා අසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ ය.නේවිල් ප්‍රනාන්දු රෝහල, කොරෝනා බවට සැකකෙරෙන මාතෘවරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇති බව ද ඔහු පැවසුවේ ය.ඔහු පැවසුවේ, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දැඩිසත්කාර ඒකකය ක්‍රියාත්මක වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ බවයි.වොයිස් ඔෆ් අමෙරිකා ගොඩනැගිලි ද ප්‍රතිකාර කටයුතු සඳහා වෙන්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.
මේ අතර පුද්ගලයින් 3000 කට අධික පිරිසක් නිරෝධායන සඳහා මධ්‍යස්ථාන 22 කට යොමුකර ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.
මුලාශ්‍රය- දිණමිණ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article