spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටේ ඔසුසැල් නීතියට පටහැනිව මිගමුව පෙරියමුල්ලට අලුත් නීතියක් ? ලංසා පවුලේ නියෝගයක්ලු ?

Must read

Mhoje_medicines_photo_jpg-1(තෙවණ සංස්කරණය ) රටේ නීතියක් ඇත. එය තිබිය යුත්තේ සියල්ලට ඉහලනි. ඒ අනුව කොයිතරම් අදුරදර්ශි යැයි ඇස්පනා පිටම පෙනි ගියද රජය විසින් ඊයේ ගන්නා ලද ඔසුසැල් පිළිබද නිතියට අවනතව පුද්ගලික ඔසුසැල් හිමියන් සිය ස්ථාන වසා දමා තිබුණි.
ඒ අනුව මිගමුවට රජයේ අවසරය ලැබි තිබුනේ රෝහල ඉදිරිපිට ඇති රජයේ ඔසුසැලට පමණි.එහෙත් එය පවා අද දිනයේ විවෘත තිබුනේ නැත. ඒ අනුව මිගමුවේ ජනතාව මහත්වු අසිරුතාවයකට පත්විය.මේ සටහන තැබෙන මොහොත වන විට ( 3.54.pm) මිගමුවට ඔසුසැලක් නැතිව පැය 24 ක්ද සම්පුර්ණව තිබේ.එහෙත් දැනටවත් රජයේ අවධානයට මේ බරපතල තත්වය යොමුවි නැතුවා සේය.
තතු එසේව තිබියදි මිගමුවේ දේශපාලන අධිකාරිය විසින් අද මිගමුව මහනගර සභාවේ රැස්විමක් පවත්වා පෙරියමුල්ල ප්‍රදේශයේ පුද්ගලික ඔසුසැල් හිමියන් හට දැනුම් දි තිබුනේ ඔන්ලයින් ක්‍රමයට බෙහෙත් වට්ටෝරු ලබාගෙන ඒවා සපයන ලෙසය.
රෝගි ජනයා පත්ව ඇති අපහසුව මත මේ සදහා ඉක්මන් විසදුමක් ගෙන ඒමට රජය කටයුතු කළ යුතුව තිබේ.එමෙන්ම එය පොදු නිතියක් සේ ක්‍රියාත්මක විම ගැනද රජය වගකිය යුතුවේ.එසේ නොවන්නේ නම් පෙරියමුල්ලේ දේශපාලකයන් විසින් කෑලෑ නිතිය ක්‍රියාත්මක කරනු ඇත.
දේශපාලකයන් විසින් හිතුමතේ මෙවැනි කටයුත්තකට අතගැසිම සැබැවින්ම බරපතලය.

මන්ද සියලුම නගරවල අවසර දිය යුතුයැයි නිර්දේශිත ලයිස්තුව සකස්කරනු ලබන්නේ ආහාර හා ඖෂධ පාලක නිළධාරියා විසිනි. ඒ අනුව මිගමුව තුල ඒ හැකියාව ඇති ඔසුසැල් ලයිස්තුව අදාල බලධාරින් වෙත ඉදිරිපත් කර තිබුණද කිනම් හෝ තාක්ෂණික ගැටළුවක් නිසාදෝ දැනට ඉදිරිපත් ව ඇති ලේඛනයට ඇතුලත්ව නැත. මිගමුවේ මෙන්ම කුරණැගලද මේ ගැටළුව පවතින බව සැලවේ.කෙසේෙ වෙතත් මිගමුවට තවත් සුදුසුකම් සහිත ඔසුසැල් කිපයක් ඒ අනුව එකතු විමට නියමිතව බව මිගමුවේ ඖෂධ හල් හිමියන්ගේ මතයයි.
ආහාර හා ඖෂධ පාලක තනතුරු යනු බරපතල වගකිම් සහගත එකකි.මුලු ගම්පහ දිස්ත්‍රික්කයට සිටින්නේ එවැනි නිළධාරින් 5 කටත් අඩු ගණනකි.
ඇත්ත තතු එසේ වෙද්දි ඔන්ලයින් ක්‍රමයට බෙහෙත් සපයන්නට යැයි හිතුමතේ ඔසුසැල් නම් කිරිමට ක්ෂේත්‍රය ගැන මල බෝලයක් නොදන්නා දේශපාලකයන්ට ඇති අයිතිය කුමක්ද ?

රටක පැවැතිය යුත්තේ එක නීතියක් වුවද දැන් තවත් නීතියක් පෙරියමුල්ල තුල ක්‍රියාත්මක වන ආකාරය වෙනත් ප්‍රදේශවල සිටින ඔසුසැල් හිමියන් විසින්ද සියුම් ලෙසින් නිරික්ෂණය කරගෙන යමින් සිටිති.
මේ අතර මෙසේ ඔන්ලයින් ක්‍රමයට බෙහෙත් ගෙන ගොස් දිමට කටයුතු කර තිබුණ පාන්කඩ හංදියේ ඔසුසැල් හිමියෙක් රු 50 ක් තරම් වත් දුරක් නැති ගෙදරකට ඖෂධ ලබාදි ඒ බෙදාහැරිමේ ගාස්තුව වෙනුවෙන් රු180 ක් අයකරගෙන තිබුණ බව වාර්තාවේ.
එනම් රු 220 ක් වු පිරිටන් සිරප් ඇතුලුව තවත් වර්ගයක් වෙනුවෙන් ඒ නිවෙස් හිමියාට රු 400 ක් ගෙවන්නට සිදුව තිබේ.
මනාප වෙනුවෙන් නීතිය නවන දේශපාලකයන් ඉන්න නගරයක ඔසුසැල් හිමියන් කලුකඩකාරයන් විම අහන්නත් දෙයක්ද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article