spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද නිකුත් වු සංශෝධිත ඔසුසැල් ලයිස්තුවෙත් මිගමුවට ඇත්තේ රජයේ ඔසුසැල විතරමයි ! රෝගීන් දිගටම අනාථයි ?

Must read

පාමසි 12මිගමුවට හැමදාමත් ඇත්තේ කුඩම්මාගේ සැලකිලි යැයි බොහෝ දෙනෙකු එකල පටන් කියන්නට පුරුදුව සිටිය කරුණක්ව තිබුණි.එදාට පමණක් නොව බොහෝ කරුණු පැත්තෙන් අදටත් එසේමය.
දැන් මිගමුවේ අතුරුපාරවල් හරහා එලවලු වෑන් යති.චුන් පාන් යති.පොල් බිත්තරද එසේමය.මාළුද අලෙවිකරුවෝද යති.
එහෙත් නැත්තේ ජිවිතයට ප්‍රධානම වු ඖෂධ බෙදාදිමේ ජංගම වැඩපිළිවෙලයි.
රජය විසින් ඊයේ දිනයේ නිකුත් කරන්නට යෙදුන අවසර ලත් ඔසුසැල් ලයිස්තුවට අයත්ව තිබුනේ මිගමුව වෙනුවෙන් එක් පාමසියකි.එනම් රෝහල ඉදිරිපිට ඔසුසැල පමණි.
අද තවත් ඔසුසැල් ඇතුලත් සංශෝධිත ලයිස්තුවක් මේ වන විට මුදාහැර තිබේ.
කුඩම්මාගේ සැලකිල්ලේ තරම වන්නේ මේ ලයිස්තුවට මීගමුවට අලුතින් ඔසුසැල් එකක් වත් එකතු වි නොතිබිමය.මිගමුවට එසේ වෙද්දි වෙන්නප්පුවට සංශෝධිත ලයිස්තුව තුල අලුතින් ඔසුසැල් 5 ක් එකතුවි තිබේ.
ඒ අනුව ඊයේ සවස් වරුවේ සිට මේ වන තුරු මිගමුවේ ජනයා අවැසි ඖෂධ ලබාදිමට රජයට බැරිවි තිබේ.
මේ බරපතල වරදකි.

අද නිකුත් කරන ලද සංශෝධිත ඔසුසැල් ලයිස්තුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article