spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”රට ඒකාධිපතිත්වයකට ගමන් කරමින් සිටිනවා” – මංගල කියයි

Must read

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ නව ආණ්ඩුව බලයට පත්ව ගතවු මාස 3ක කාලය තුල රට භයානක දිසාවකට ගමන් කරමින්

තිබෙන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කර සිටියි.

ඔහු එබව කියා සිටියේ බ්‍රහස්පතින්දා (20) පාර්ලිමේන්තුව අමතමිනි.

ආර්ථික වශයෙන් මෙන්ම ජාතීන් අතර ඇති කරගත් සමගියද බිඳ වැටී රට ඒකාධිපතිත්වයකට ගමන් කරමින් සිටින බව එහිදී පැවසු මංගල සමරවීර මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

”ඔබ තුමන්ලා අතිවිශිෂ්ඨ ජයග්‍රහණයයක්  ඇතිකරගත්ත එක ඇත්ත  ඒක අපි  පිළිගන්නවා   නමුත් මේ ජයග්‍රහණය   මේ තරම් ඉක්මනට කෙළෙසන්න එපා. මේ වෙනකොටත් රට ආපස්සට ඇදගෙන යනවා. මහා විනාශයකට ඇදගෙන යනවා. ආර්ථික විනාශයක් විතරක් නෙවෙයි ආර්ථික විනාශයක් සමගම අපේ ඡාත්‍යන්තර සබඳතා නැති කරගෙන යනවා.

Text 22 1අපි බොහොම අමාරුවෙන් මේ රට තුළ  ඇතිකරපු සංහිඳියා ක්‍රියාවලිය දැන් අභියෝගයට ලක්වෙලා. මේ අද මම ඉතාමත්ම කණගාටු වෙනවා දැඩි වේදනාවකින් ඉන්නේ වෙන  මොනවත් නිසා නෙවෙයි රට වෙනුවෙන් අපේ  දිනේෂ් ගුණවර්ධන විදේශ ඇමතිතුමා මෙතැන ඇවිල්ලා කියනවා අපේ ජිනීවා වගකීම් වලින් අයින් වෙනවා කියලා.

ගරු සභාපතිතුමනි, අපි ජිනීවා වගකීම් අප අතට ගත්තේ නැත්නම්  2015 අපේ ආණ්ඩුව එනකොට  මේ රට ජාත්‍යන්තර උසාවි වලට ගෙනයන්නට පාර විවෘත වෙමින් තිබුණේ.

ඇත්ත වශයෙන්ම 2014දී අපේ විපක්ෂනායකතුමා කිව්වා වගේ යුද්දේ ඉවරවෙලා දවස් හතරක් යන්න ඉස්සෙල්ලා  හිටපු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේගේ සංවිධානයට ගියා. එක්සත් ජාතික සංවිධානයට ලබා දුන් පොරොන්දු නිසා, බෑන් කී මූන්  මහතාට ලබාදුන් පොරොන්දු නිසා, ඊට පස්සේ ජිනීවා නුවරදී UN ආයතනයට  ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම් නිසා 2014 වෙනකොට ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර  යුද අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනකොට අපි ආණ්ඩුව ලබාගත්තේ .

ආණ්ඩුව ලබාගත්ත ගමන් මම විදේශ ඇමති හැටියට ජිනීවා නුවරට ගිහින් අපි කිව්වේ, අපි කැමති නැහැ අපේ රටේ වෙච්ච සිද්ධීන් ගැන ජාත්‍යන්තර පරීක්ෂණවලට. ඔගොල්ලන් ඒවා කරන්න ඕනෙ නැහැ. අපි අපේ රට තුල ඒ පරීක්ෂණ කරන්නම් කියලා.

Text 22 2අපි අපේ රට තුළ අපේ සංහිඳියා ක්‍රියාවලිය ඇති කරගන්නම් කියලා තමයි යෝජනාවේ  course sponsor බවට පත් වුණා විතරක් නෙවෙයි මොන මොන බාධක තිබුණත් අපි මේ රටේ අපි ඒ දෙමළ ජනතාවට යම් බලා බලාපොරොත්තුවක් ලබාදෙමින් ඒ අඩුපාඩු අපි අතුරුදහන්වූවන්ගේ කාර්යාලය  මේ පාර්ලිමේන්තුවේ අපි අනුමත කරා  අපි reparations unit එක සඳහා වූ  ඒ  පනත අනුමත කරා .

ඒ වගේම අනිත් කාර්යයන් කිහිපයකට අවශ්‍ය කෙටුන්පත්  හදලා තියෙනවා නමුත් මේ හැම එකක්ම දැන් ආ පස්සට අදිනවා.  අන්තිමට මම නම් දකින්නේ ඉතාමත්ම  කුහකම ක්‍රියාවක් තමයි මේ පොඩි දේවල් මේ රටේ ජාතික ගීය දෙමළ  භාෂාවෙන් දෙමළ ජනතාවට කියන්න තියෙන අයිතියත් දැන්  නැති කරගෙන යනවා.

මෙහෙම  රටක් ඉදිරියට ගෙන යන්න පුලුවන්ද?  ඒ විතරක් නෙවෙයි ඇමතිවරු දැනගන්න ඕනේ තමුන්නාන්සේලාගේ ආරක්ෂක ලේකම් කියලා ඉන්න  පුද්ගලයා  මම කියනවා මානසික පිස්සෙක් කියලා තරහ වෙන්න එපා කිව්වට.

මම දැක්කා රූපවාහිනීයේ  වැඩසටහනක පෙන්වනවා, එතුමා ගිහිල්ලා ඉස්කෝලේ ළමයින්ට දේශනාවක් දීලා කියනවා මේ රටේ සංවර්ධනයට තිබෙන ලොකුම බාධාව ප්‍රජාතන්ත්‍රවාදයයි සංහිඳියාවයි කියලා.

අපි වැරදි දිසාවට යනවා කියලා සන්තෝෂ වෙන්න බෑ වලේ වැටෙනකොට ඔක්කොම එකට වැටෙන්නේ.

Text 22 4ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට පේනවා ඇත්තට යම් උවමනාවක්  තියෙනවා යම් දේවල් කරන්න. ඒවගේම මට ආරංචි හැටියට එතුමා වටේ කැරකෙන හොරුන්ටත් චාන්ස් එකක් දෙන්නෙ නැතිලු. හොඳ දේවල් වලට අපි හොඳ කියමු.

 

”මම යූඑන්පී එකට ආවේ අයෙත් යන්න නෙමෙයි”

හොඳ කියපු පලියට ආණ්ඩුවට යන්න ඕනේ නෑනේ.  මම මැරෙන්නෙ යූඑන්පී එකේ. මම ආවෙ මේකට ආයෙමත් යන්න බලාගෙන නෙවෙයි. ඒවා දවල් හීන.

ඒ නිසා ගරු කතාකථානායකතුමනි,  මම ගොඩක් වෙලාව ගත්තා මොකද මට කියන්න ඕන දේවල් ගොඩක් තිබුන නිසා නමුත් මේ රට යන දිහාව ඉතාමත්ම භයානකයි. මේ මාස තුනේ දී මේ ආපස්සට අදින ක්‍රියාවලිය ඉතාමත්ම භයානකයි. ආර්ථිකය කඩාගෙන වැටෙනවා.  අපි ජාත්‍යන්තරව හුදෙකලා වෙනවා.

අනික් පැත්තෙන් අපි මේ රටේ ජාතීන් අතර බොහොම අමාරුවෙන් ඇතිකරගත්ත සමගිය ක්‍රමානුකූලව බිඳහෙලා  ආරක්ෂක අමාත්‍යංශයේ ඉන්න මනස විකෘති වූ  අය දැන් මේ රට ඒකාධිපති දිශාවකට ගෙන යන්න හදනවා.  එයට විරුද්ධව අපි සියලු දෙනාම ඒකරාශී වෙන්න ඕනේ”

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article