spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රට වටේ යන කොරෝනා පාර්ලිමේන්තුවට රිංගයි ..

Must read

පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයා  ඇතුළු එහි සේවකයන්  25 දෙනකුට  කොවිඩ්  ආසාදනයවී ඇතැයි   තහවුරුවී තිබෙන  බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.කොවිඩ්  ආසාදනයවූ පිරිසට පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු පස් දෙනෙක්ද ඇතුළත්  වෙතැයි එම පුවතේ සදහන්ය.

පාර්ලිමේන්තු සේවකයෝ  152 දෙනක්  රැපිඩ්  ඇන්ටිජන්  පරීක්ෂණවලට අද (31) යොමු කරනු ලැබ තිබු අතර මේ විසි පස් දෙනාට කොවිඩ්  ආසාදනයවී ඇතැයි හඳුනාගනු ලැබ ඇත්තේ  එම පරීක්ෂණවලදීය.

කතානායකවරයා  ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  12 දෙනෙක්ද පාර්ලිමේන්තුවේ  උසස් නිලධාරිනියක්ද කොවිඩ්  රෝගයට පසුගිය දින කිහිපයේදී ගොදුරු වූහ.
කොවිඩ්  රෝගයට  මේ දක්වා ගොදුරුවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව  46කි.
මේ අතර පාර්ලිමේන්තුවේ තවත් රැපිඩ්  ඇන්ටිජන්  පරීක්ෂණ වටයක් ලබන  3 වැනිදා සඳුදා දිනයේද  පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article