spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රන්ජන්ට සාධාරණය ඉටු කරන්න!

Must read

අගමැතිතුමනි, රන්ජන්ට සාධාරණය ඉටු කරන්න!

පසුගිය මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 216000 කට අධික ප්‍රමාණයක් ලබා ගනිමින් එක්සත් ජාතික පෙරමුණේ මනාප ලැයිස්තුවේ අංක 01 ට තේරී පත්වූ ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක මහතාට අගමැතිතුමා විසින් සාධාරණය ඉටුකරතැයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ඉමහත් බලාපොරොත්තුවෙන් පසුවේ.

සෑම දිස්ත්‍රික්කයකම අංක 01 ට පත්වන පුද්ගලයාට කැබිනට් ඇමති ධූරයක් ලබා දෙන බවට අගමැතිවරයා පොරොන්දු වී තිබුණද එම පොරොන්දුව මේ දක්වා පොරොන්දුවකටම සීමා වී තිබේ. සියළුම ඡන්ද අනවැකිකරුවන්, සමීක්ෂකයින් ගම්පහ දිස්ත්‍රික්කය එක්සත් ජනතා සන්ධානය අනිවාර්යෙන්ම ජය ගන්නා බවට අනාවැකි පලකර තිබියදී ගම්පහ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 30,000කින් ජය ගැනීමට අන් අපේක්ෂකයන්ගෙන් මෙන්ම රන්ජන් රාමනායකගෙන්ද ලැබුනේ උපරිම දායකත්වයකි.

රන්ජන් මුලින්ම දේශපාලනයට පිවිසියේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ආසනයෙනි. ඉන් අනතුරුව සබරගමුව පළාත් සභාවේ මහඇමතිධූරය සඳහා තරඟ කිරීමට පැමිණ අවසාන මොහොතේ ‘භාරගන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ’ කියමින් උපුල් ශාන්ත සන්නස්ගල පැන ගිය මොහොතේ අනාථ වූ රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට ඉදිරිපත් වූයේ රන්ජන් රාමනායකය. නඩු පිට බොරු නඩු දමා රාජපක්ෂ රෙජීමය විසින් රන්ජන් රාමනායක ප්‍රභල පීඩනයකට ලක්කොට දෑත් ශක්තිමත් කිරීම සඳහා එක්වී නඩු ඉවරකර ගන්නා ලෙස ඉල්ලීම් කර තිබියදීත් රනිල් වික්‍රමසිංහව තනිකොට තම පුද්ගලික ලාභ ප්‍රයෝජනය තකා රන්ජන් රාමනායක පිල් මාරු කලේ නැත. එසේ වූ පුද්ගලයෙකුට මෙයාකාරයට සැලකීම යුක්තියුක්ත වේදැයි ගරු අගමැතිතුමා කල්පනාකොට බැලිය යුතු වේ.

අනෙක් කරුණ වන්නේ රන්ජන් රාමනායක ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පෙරමුණේ මනාප ලැයිස්තුවේ තුන්වන තැනට සිටිනා පුද්ගලයායි. ඔහුට ඉහලින් සිටින්නේ අගමැතිවරයාත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාත් පමනි. මේ සියළු කරුණු අගමැතිතුමා සලකා බලා රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටු කරනු ඇතැයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ බලාපොරොත්තුවයි.

Home

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article