spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රස පලතුරක රස බලන්න මෙන්න තැන…

Must read

කලපුවේ සිහිල් සෙවනේ ගසක් යට ලෑලි වලින් සකසා ගත් කඩකෑල්ලේ ලෑලි තට්ටුමත සුවද හමන නැවුම් පලතුරුවලින් සුවද හමයි. ඇපල්, දොඩම් , පේර, අලිගැට පේර, කෙසෙල්, මිදි, අඹ, අනෝදා යන සියළුම පලතුරු වර්ග මෙහි අලෙවි වෙයි. නරක්වූ ඒවා ඉවත්කරමින් හොඳ පළතුරු පමණක් ලෑලි තට්ටු මත තැන්පත් කරන ඔහු ඒවායේ නැවුම් බව රැකගැනීමට පළමු තැන දෙයි. ඉතා සුළුවෙන් ආරම්භ කළ පලතුරු වෙළඳාම දැන් යම් දියුණුවක් ලබා ඇතිබව පෙනේ. මෙහි යම් අභියෝගයන් ඇති නමුත් ඒවා මැඩගනිමින් ඉදිරියට ආ ගමනඳා ගැන ඔහු සමග කතාබහක යෙදුනේ මෙසේය.DSC_0169

ඔබේ වගතුග ටිකක් කියන්න පුළුවන්ද?

මම චමින්ද පෙරේරා   ඉස්කෝලෙ ගියෙ ශාන්ත පීතර විද්‍යාෙලට.
10 වන  පන්තියට විතරයි යන්න පුළුවන් වුනේ. අපේ තාත්ත පරණ සමසමාජ කාරයෙක්. නම සෝමදාස පෙරේරා.

ඇයි මේ ව්‍යාපාරයට  යොමුවුනේ?‍

මම මේ රස්සාවට කැමැත්තක් තිබුන. ඒනිසා ඉස්කෝලෙන් පස්සෙ පළතුරු වෙළඳාමට යොමුවුනා. මුලින්ම බන්දුල මාකට් එකේ තමයි කඩේ දාගෙන හිටියෙ. රු. 30000/ක මුදලකින් වැඩේ පටන් ගත්ත. මට සහායට මගෙ මස්සිනත් ඉන්නව. දැන් මෙතන අවුරුදු 5ක් විතර වෙළදාම් කළා. රට ඉන්න අක්ක කෙනෙකුත් උදව් කළා.

පළතුරු ගන්නෙ කොහෙන්ද? බාධා, ගැටළු මොනවද?

ඇපල්, මිදි, දොඩම් කොළඹින් ගේනව. අලිගැටපේර, පේර, අනෝද, කෙසෙල් වගේ දේවල් ලොරිවලින් ලඟටම ගෙනැත් දෙනව. ණයට ගන්න නිසා එකවර ලොකු මුදලක් යන්නේ නෑ. ලැබෙන ආදායමෙන් ණය පියවනව. පළතුරු කියන්නෙ නරක්වෙන ජාතියක්, දින23කට වඩා තියාගන්න බෑ. ඒනිසා දවසකට සෑහෙන ප්‍රමාණයක් අයින් කරනවා. එහෙම බලනකොට මේක අවධානම් රස්සාවක්.
මම නගරසභාවට රු.2700/ක් දෙන්න ඕනෙ. ඉඩම් කුලිය විදිහට රු.4000/ දෙන්න ඕනෙ. කලින් හිටපු එක්කෙනාට තමයි ඒ මුදල දෙන්නෙ. එයා දැන් මැරිල. එයාගෙ බිරිද දරුවො ඉන්නව. ඒනිසා ඒබිම් කුලිය දිගටම දෙනව.

ඉදිරි බලාපොරොත්තු මොනවද?

මට ඉන්නෙ එක ළමයයි. එයාට උගන්නගෙන , පවුලෙ එදිනෙදා කටයුතු කරගෙන හොදින් ජීවත් වෙන්නයි වුවමනාව. ඒකට මේ කරන වෙළඳාම මීට වඩා දියුණු කරගන් පුළුවන්නම් හොදයි.DSC_0172

දැනට පදිංචිය..

මීගමුව, පරණ හලාවත පාරේ, අංක 52 දරණ නිවසේ තමයි මම ඉන්නෙ. ශාන්ත පීතර විදුහල පැත්තේ සිට මුස්ලිම් පල්ලිය පසුකල විට ඇති වත්තෙ ගෙවල් ගොඩක් මැද්දෙ අපි ඉන්නෙ. වත්ත කියල තමයි මෙතෙන්ට කියන්නෙ. විවධ මිනිස්සු මෙතන ඉන්නවා.

චමින්ද පෙරේරා ජීවත් වන්නේ අධ්‍යාපනයක් ලැබියහැකි ඊට හිතකර පරිසරයක නොව. නමුත් සිය පියාගෙන් උගත් මිනිස්කම් සහ සමාජයෙන් ලද අත්දැකීම් ඔහු සතුව ඇති බව පෙනේ. නිතර සිනහවෙන් තම පාරිභෝගිකයා පිළිගන්නා ඔහු දක්ෂයෙකි. වසර ගනනාවක් මෙම ව්‍යාපාරය කරගෙන යාමට හැක්කේ දක්ෂයෙකුට පමණි.මන්ද මේ අවධානම් සහිත ව්‍යාපාරයක් වන බැවිනි. සියළු අභියෝග ජයගෙන මෙතෙක් දුර පැමිණි ආකාරයෙන් ඉදිරියටත් තම ජීවිතය සාර්තක කර ගැනීමට අපි ඔහුට ශක්තිය සහ ධෛර්්‍ය පතමු.


සටහන – සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article