spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂලා ආයෙත් “අපේ හාමුදුරුවෝ” ඇන්ඳුවාද

Must read


මුළු රටම පාරට බැස ඉල්ලා සිටින්නේ ගෝඨා සහ මහින්ද, දෙන්නම යන්න කියලයි .පූර්ණ ඒකාධිපති පවුල් බලයක් සහිතව, රට පාලනය කළ ඔවුන් මේ විනාශයට වගකිව යුතුයි.
සර්ව පාක්ෂික රජයක් හෝ ඇමති මාරුවක් ජනතාව ඉල්ලා සිටින්නේ නැත.සියල්ල පැහැදිලිව තිබියදීමේ කරන්නේ කුමක්ද? “යන්නෙ කොහෙද මල්ලෙ පොල්”
අපේ හාමුදුරුවෝ කිය කියා පිරිකර ලෙසට යාන වාහන පවා පූජා කරමින් කළ ඇන්දවීම ඔබ වහන්සේලාට අමතකද?
ඔබ වහන්සේලාට පමණක් නොව,ආරක්ෂක අංශ නිලධාරීන්ට,විධායක ශ්‍රේණියේ නිලධාරීන් ට ජනතාවගේ තිබුණු ගෞරවය රාජපක්ෂවරු විසින් විනාශ කොට හමාරය.අපේ හාමුදුරුවනේ ඉතිරි ටිකත් විනාශ කරන්න දෙන්න එපා. දුක, වේදනාව, බඩගින්න දරාගන්න බැරි ජනතාව දැන් ඉන්නේ කෝපයෙනි. සාමකාමී විරෝධතාවය රාජපක්ෂලාගේ කූඨ උපක්‍රම,හා “චන්ඩි කතා”නිසා මහා වෛරයක් බවට පත්ව ඇත.
ඔබ වහන්සේලා පැහැදිලිව එය තේරුම් ගත යුතුයි,
නිදුක් විය යුත්තේ සමස්ත ජනතාව මිස ගෝඨාභය හා මහින්ද නොවේ නේද?
“අයියා ගිහිල්ලා මල්ලි හිටියත් , මල්ලි ගිහිල්ලා අයියා හිටියත්”
දෙකම එකයි නේද?
රෝගියෙකුට හෘද සැත්කමක් (bypass)
කරන්ඩ ඕනේ ඕනෑ වෙලාවක සිද්ධාලේප ගාලා,
හොර වෙදුන් ගෙන් තෙල් සාත්තු කරලා හරියන්නෙ නෑ නේද?
රාජපක්ෂලා රටට, ජනතාවට, බුද්ධ ශාසනයට කල විනාශයළ සුළුපටු වනු වන්නේය, ජාත්‍යන්තරව අපේ රට තිබුණු කීර්ති නාමය පවා අද අපට අහිමි වී ඇත. නොලියා බැරි කමට අකමැත්තෙන් වුවත් මෙසේ ලියන්නට සිදු වී ඇත.
රට ,දැය, සමය, රැක ගැනීම වෙනුවෙන් ඔබ වහන්සේලා කළ,හා කරන කටයුතු ගෞරවපූර්වකව සිහිපත් කරමි.
රාජ්‍ය පරිපාලනයේ නියුතු සියලුම දක්ෂ නිලධාරීන්ට, මැතිඇමතිවරුන්ට,ඉහළින්රාජපක්ෂ ඒකාධිපති පවුල්
පාලනයේ දැවැන්ත හස්තය නමැති  බූවල්ලාගේ ගේ අුවෙන් ක්‍රියාත්මක වූ බවසමස්ත ජනතාවම දන්නා කරුණකි.

S.W .වන්නිආරච්චි
මිලානෝ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article