spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ පවුල් බලය තහවුරු කෙරෙන දිනය අදයි! – ඩයනා ඇතුළු විපක්ෂයේ 10 ක් ආණ්ඩුවට!!

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
රාජපක්ෂලාගේ අනාගත පවුල්වාදය තහවුරු කරගනු වස් ගෙන ඒමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධන

පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) රාත්‍රී සිදුකිරීමට නියමිතව තිබේ.

එහෙත්, විසිවන සංශෝධයේ ද්විත්ව පුරවැසිභාවයට අදාල කාරණය, නැතහොත් ඇමරිකානු -ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ඒමට ඉඩදෙනවද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජාතිකවාදීන්ගේ ස්ථාවරය විස්ස සම්මතකර ගැනීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපා ඇත.

විස්සේ ද්විත්ව පුරවැසිභාවයට අදාල වගන්තියට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 21ක් මේවනවිට පැහැදිලිව විරෝධය පළකර තිබේ.

කෙසේවුවද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ද්විත්ව පුරවැසි වගන්තියට එරෙහි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර ඊයේ (21) රාත්‍රීයේ පැවැති අතිවිශේෂ සාකච්ජාව කිසියම් එකගතාවයකින් යුතුව අවසන් වී ඇති බව දැනගන්නට තිබේ.

මෙම සාකච්ජාවට අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ, අසංක නවරත්න, වීරසුමන වීරසිංහ සහ ටිරාන් අලස් සහභාගී වී ඇත.

මෙහිදී දැනට අර්බූදයකට ලක්ව ඇති ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය සම්බන්ධයෙන් පිරිස අතර දීර්ඝව අදහස් හුවමාරු වී තිබේ.

මෙම සාකච්ජාව සඳහා අතරමැදි සම්බන්ධීකරණය සිදුකරනු ලැබුවේ ටිරාන් අලස් මන්ත්‍රීවරයාය.

 

ජනාධිපතිගෙන් කාරුණික ඉල්ලීමක් !

18a4b00c d5f4 4acf 8491 582ca84a4198ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ හැසිරුණ මුරණ්ඩු ආකාරයෙන් ඊයේ දිනයේ කටයුතු කර නැති අතර මැති ඇමතිවරුන්ගේ අදහස් වලට සාවදානව ඇහුම්කන් දී ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විසිවන සංශෝධනය සම්මතකර ගනිමින් ආණ්ඩුව ආරක්ෂාකර ගැනීමට සහයවන ලෙස එහිදී මෙම පක්ෂ නායකයින් ගෙන් ඉල්ලා ඇති ජනාධිපතිවරයා, ජනවරමට අනුව අලුත් ව්‍යවස්ථාව ගෙන ඒමේදී මහ සංඝරත්නය ඉල්ලා සිටින ද්විත්ව පුරවැසිභාවයට අදාල කාරනා ඇතුලත් කරන බවට සහතික වී තිබේ.

එම සාකච්ජාවේදී ජනාධිපතිවරයා දැක්වූ ධනාත්මක ප්‍රතිචාරය අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ ප්‍රසාදයට හේතුවී ඇතත් අමාත්‍ය විමල් විරවංශ ඒ ගැන තරමක සැකයකින් පසුවූ බව වාර්තාවේ.

කෙසේවෙතත් මෙම සාකච්ජාවේ ප්‍රතිපල සම්බන්ධයෙන් අද (22) පෙරවරු 10.30ට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් ප්‍රවෘත්ති සාකච්ජාවක් කැදවා රටට කරුණු කීමට නියමිතය.

 

විපක්ෂයේ 10ක් ආණ්ඩුවට !

කෙසේවුවද, විස්ස සම්බන්ධයෙන් අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී විමල් විරවංශ ඇතුළු කණ්ඩායමේ සහය ලැබෙනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු theleader.lk වෙත පැවසිය.

විස්ස සම්මතකර ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 10කට වැඩි පිරිසකගේ සහය පලවී ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

”අපට හකීම්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙක්, රිෂාඩ්ගේ පක්ෂයේ දෙන්නෙක්ගේ සහය අනිවාර්යයෙන් ම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි විපක්ෂයේ සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේම සහය ලැබෙනවා. සජිත්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුත් අද ආණ්ඩුවට එකතුවෙනවා. ඒ අය  ඊයේ රාත්‍රී ජනාධිපතිතුමාව හමුවුනා. ” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සමාජ මාධ්‍යවල දැක්වෙන පරිදි අද විස්සට සහයදෙන විපක්ෂ මන්ත්‍රීවරුන් මෙසේය.

අනුරාධපුර මන්ත්‍රී ඉෂාක් රහුමාන් පුත්තලම මන්ත්‍රී මොහොමඩ් අලි සබ්‍රි මඩකලපුව මන්ත්‍රී මොහොමඩ් නසිර් දිගාමඩුල්ල මන්ත්‍රී මොහොමඩ් හාරිස් දිගාමඩුල්ල මන්ත්‍රී ෆයිසාල් කාසීම් දිගාමඩුල්ල මන්ත්‍රී මොහොමඩ් මුෂාරෆ් ජාතික ලයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ පොළොන්නරුව මන්ත්‍රී කිංස්ලි නෙල්සන්

මිට අමතරව රත්නපුර මන්ත්‍රී හේෂා විතානගේ, අනුරාධපුර මන්ත්‍රී රෝහණ බණ්ඩාර හා බදුල්ල මන්ත්‍රී චමින්ද විජේසිරි සමග ආණ්ඩුවේ පාර්ශවයන් සාකච්ජා පවත්වා ඇතැයි වාර්තා වුවද ඔවුන් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
theleader.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article