spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ සමයේ පීඩාවට පත්වු මාධ්‍යවේදින්ගේ පවුල්වලට වන්දි !

Must read

IMG-20191106-WA0053Jaffna [rotest 3jaffna protest 8ඉකුත් 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන්ට සහ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.ඒ අනුව රාජපක්ෂ පාලනය යටතේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග, ධර්මරත්නම් සිවරාම් ඇතුළු මාධ්‍යෙව්දීන් 44ක් සිටිති. එසේම අතුරුදන් කළ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් හිරිහැරයට ලක් කළ කීත් නොයාර් , පෝද්දල ජයන්ත,නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසක් වින්දිතයන් ලෙස සිටිති.
.කැබිනට් අනුමැතිය ලැබීමේදී මාධ්‍යවේදීන් 78 දෙනෙකු වෙනුවෙන් එම වන්දි පිරිනැමීමට නියමිතය.

ඝාතනයට , පීඩාවන්ට හා හිරිහැරයන්ට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 15 දක්වා බැගින් වන්දි මුදලක් පිරිනැමීමට නියමිතය.විශේෂයෙන්ම උතුරේත් නැගෙනහිරත් මාධ්‍ය සංගම මේ දිනවල දැවැන්ත විරෝධතා මෙහෙයුමකට මුලපුරා ඇත්තේ රාජපක්ෂ සමයේ ඝාතනය ලක්වු සිය මාධ්‍ය සගයන්ට යුක්තිය ඉ⁣ටුකරන ලෙස ⁣බලකරමිනි.ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරිම සදහා ඉදිකරන ලද ස්මාරකය අසලින් නොවැ 02වනදා ඇරඹි මෙම වැඩසටහන ඊයේ පැවැතියේ වව්නියාවේ සහ මන්නාරම යන නගරවලය.ඉදිරි දිනවල එය නැගෙනහිර පළාත තුල ක්‍රියාත්මක කිරිමට නියමිතය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article