spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජ්‍ය දේපල අවභාවිතා කරන මීගමුවේ දේශපාලකයන්ට සහ රාජ්‍ය නිළධාරින්ටත් වැඩවරදින ලකුණු ?

Must read

Dayan commiපළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපල අයුතු පරිහරණය වැළැක්විම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පළාත් පාලන ආයතන ප්‍රධානීන් ස්වකීය බල ප්‍රදේශයෙන් බැහැර පිහිටි දේශපාලන රැස්විම්වලට සහභාගී විම සඳහා හා ප්‍රචාරක කටයුතු මෙන්ම පෝස්ටර් අත්පත්‍රිකා ප්‍රවාහනය සඳහා සිය නිල වාහන යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

එය රාජ්‍ය දේපල අවභාවිතා කිරිමක් සේ සකලනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම පළාත් සභාව සතු වාහන හා වෙනත් උපකරණ හා බඩු භාහිරාදිය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනිම වැළැක්විම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලු පළාත් පාලන ප්‍රධානීන් වෙත අවධාරණය කර ඇත.

යම් එහෙකින් සිය නිර්දේශ කඩකර ඇති බවට සනාථ වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවේ විධාන කඩකිරිමක් ලෙස සලකා එම ආයතන ප්‍රධානීන්ට හා ඒවායේ පරිපාලන භාර නිලධාරින්ට එරෙහිව පියවර ගන්නා බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර විශේෂයෙන්ම මිගමුවේ ආණ්ඩු පක්ෂ දේශපාලකයන් විසින් රාජ්‍ය දේපල අවභාවිතා කරන ආකාරය පිළිබදවත් ඇතැම් රාජ්‍ය නිළධාරිණියන් සහ නිළධාරින්ගේ සහය ලැබෙන ආකාරයත් ගැන විස්තරාත්මක වාර්ථා මැතිවරණ නිරික්ෂණ සංවිධාන විසින් දැනටමත් මැතිවරණ කොමිසම වෙත ලබාදි ඇතැයි වඩාත් විශ්වාස කටයුතු දායක ලෙසින් දැනගන්නට තිබේ.
මුලාශ්‍රය – අද දෙරණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article