spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජිතගේ සුදු වෑන් හෙළිදරව්වට උතුරේ මාධ්‍ය වල ඉහලම අවධානයක් !

Must read

jaffna media 2රාජපක්ෂ පාලන සමයේ සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන යාම ගැන ඊයේ පැවැති පුවත් පත් සාකච්ජාවක් තුලින් කරන්නට යෙදුන හෙළිදරව්ව ගැන උතුරේ මාධ්‍ය වල ඉහලම අවධානයක් යොමුව ඇති බව යාපනයේ මාධ්‍යවේදිහු පවසති.
එමෙන්ම එකි හෙළිදරව්වත් සමගින් ජනයාගේ බරපතල පිළිකුලක් මෙන්ම විරෝධයක්ද පොහොට්ටුව වෙත දැඩිව එල්ල වෙමින් පවතින බවද ඔවුහු අවධාරණය කරති.
මේ අතර උතුරේ ජනයාට සුදුවෑන් පිළිබදව ඇතිකරවන භිතිය දකුණට එසේ නොවන නිසාම එක්තරා වෙබ් අඩවියක් රාජිත සේනාරත්න විසින් පවත්වන්නට යෙදුන මේ පුවත් පත් සාකච්ජාව ගැන සදහන් කර තිබුනේ එය ගොන් පාට්එකක් ලෙසින්ය.
වැඩිදුරටත් එහි සදහන් ව තිබුනේ සුදු වෑන් ප්‍රශ්ණය ඒ පුවත් පත් සාකච්ජාව නිසා විහිළුවට ලක්වන බවය.එහෙත් එහි ඇත්ත වේදනාව දන්නා උතුරටත් නැගෙනහිරටත් එය කිසිසෙත්ම විහිළුවක් නොව දැඩි වෛරයක් ජනිත කරන්නකි.ඒ ඒ යථාර්ථය දකුණේ බොහොමයක් මාධ්‍යකරුවන්ට තේරුම් ගන්නවා තබා හිතන්නටවත් නොහැකිය. මේ සමාජයයේ ප්‍රගතිශිලි යැයි අප සිතා සිටින ඇතැම් මාධ්‍ය වල භාවිතාව තුල කියැවෙන්නේ දකුණේ මාධ්‍ය උතුරේ ගැටළුව කපාගෙන තියෙන තරම ගැනය.
එබැවින් මේ අය උතුරේ සැබෑ වේදනාව තේරුම් ගන්නට කිසිදු සුදානම් ඇති බවක් නොපෙනේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article