spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රිදී ජුබිලිය සමරන කම්මල්තොට ඉදිවර ධිවර බැංකුව

Must read

   කම්මල්තොට  ‘ඉදිවර’  ධීවර බැංකුවේ  25 වන රිදී සංවත්සර සැමරුම  පසුගිය මැයි මස 16 දින ඉදිරිවර ධීවර බැංකු කාර්‍යාලයේදි පැවැත්විනි. පල්ලන්සේන මීසම් භාර ජයන්ත නිමල් පියතුමාගේ හා හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න  මහතාගේ ප්‍රධානත්වයේන් පැවැත්විනි.  මේ සඳහා මීගමුව ධීවර කාර්‍යාලයේ සාමාන්‍යධිකාරි බණ්ඩාර මහතා හා සමිතිය පිහිටුවීමට උරදුන් පුද්ගලයන්ගේ හා සියලුම සාමාජිකයින් සහභාගී වූහ.
10603776_1601421593476911_7640825838804780010_n
ඉදිවර ධීවර බැංකුවේ ආරම්භය

1989 එවකට ධීවර ඇමතිව කටයුතු කල ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමාගේ සංකල්පයකට අනුව  ග්‍රාමීය  ධීවර සමූපකාර සමිති ආරම්භ කරන ලදි.
ඒ වන විට කම්මල්තොට  ග්‍රාමසේවා වසම තුල ධීවර ග්‍රාමීය සංවර්ධන සමිති 03ක් පැවතිනි.
පසුව 1989 සැප්තැම්බර් මස කම්මල්තොට සාන්ත ආනා සමිතිය හැර අනෙකුත් ග්‍රාමීය සමිති වන සා.අන්තෝනි ධීවර සමිතිය හා සා.සෙබස්තියන් ධීවර සමිතිව එක්ව ඉදිරිවර ධීවර සමූපකාර සමිතිය  ආරම්භ කරන ලදි.පසුව 1991 දී අක්‍රීයව පැවති  සමිතිය ධීවර ඇමතිතුමාගේ ඉල්ලීමකට අනුව එවකට පල්ලන්සේන මීසම් පාලක ලෝරන්ස් පෙරේරා පියතුමාගේ මැදිහත්වීමේන් පොරුතොට හා කම්මල්තොට ධීවර ජනතාව එක්ව ඉදිරිවර ධීවර සමිතිය  නැවත පණගන් විනි. එහිදී  තෝමස් තිසේරා මහතා, කයිතාන්  ප්‍රනාන්දු (කම්මල්තොට )  හා  කැලිස්ටස් මහතා (පොරුතොට ) විශාල මෙහෙවරක් කරන  ලදි.
මෙය සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට රු.20000 ක තැන්පතු මුදලක් හා කොටස් අවශ්‍ය විය.
එහිදී පොරුතොට ප්‍රදේශයෙන් ධීවරයින් 20ක් හා කම්මල්තොට ප්‍රදේශයෙන් ධීවරයින්
50 ක්ගේ  සාමාජිකයින්ගේ දායකත්වය මත නව නිළධාරී මණ්ඩලයක් තෝරා ගත්තේය.එහිදී සමිතියට ධීවර අමාත්‍යංශයෙන් රු.36150  ක සහනාධාරයක්ද බැංකු ණයක් වශයෙන් රු.184000 මුදලක් ලබාදුන්නේය.
මේ සඳහා ගම්පහ දිස්ත්‍රික් ධීවර සමූපකාර පරික්ෂක ක්‍රිස්ටි විජේසූරිය සහ මීගමුව ධීවර කාර්යාලයේ ධීවර පරීක්ෂක හැරල්ඩ් මහතා හා මීගමුව මහජන බැංකුවේ ධීවර  ණය සම්බන්ධව කටයුතු කල නිමල්  සේරම් මහතා මහත් වෙහෙසක් දරන ලදි.
මෙහිදී පළමුව ණය මුදලක් වශයෙන් සමාජිකයින් 07 දෙනෙකු අතර බෙදාදෙන ලදි.
ඉන්පසු ධීවර ආම්පන්න මිලදී ගැනීමට  රු.245000ක බැංකු ණයක් මහජන බැංකුවෙන් ලබාගන්නා ලදි.
එයද ධීවරයින් අතර ණයක් වශයෙන් බෙදා දුනි. මේ වන විට ඉදිරිවර ධීවර බැංකුව සාර්ථකව ක්‍රියාත්මක විය.
එහි ප්‍රථිපලයක් වශයෙන් 1993 අවසාන කාර්තුවේදි ධීවර අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ 05ක මුදල් සහනාධාරයක් ලැබිනි.
ඉන්පසුවද නැවත 1994 මුල් කාර්තුවේදි රුපියල් 485000 ක සහනාධාරයක් හිමිවිය.1996 දි එවකට පල්ලන්සේන මීසම් පාලක ගරු අයිවන් පීටර්ස් පියතුමාගේ මැදිහත්වීමේන්   ලංකාවේ පළමු ධීවර බැංකුව වශෙයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඉන්දික ගුණවර්ධන මැතිතුමා අතින් විවෘත විය.1997  එවකට හිටපු ධීවර ඇමති මහින්ද රාජපක්ෂ මහතාගෙන්  ගරු ජෝශප් මයිකල් පෙරේරා  මහතා විසින්  පාර්ලීමේන්තුවේදි  කල ඉල්ලීමකට අනුව නැවත රුපියල්  ලක්ෂ 05ක මුදලක් සහනාධාරයක් වශෙයෙන් හිමිවිය. මේ සියලු මුදල් ධීවර සමාජිකයන් අතර ධීවර ආම්පන්නා හා නිවාස සඳහා සුලු පොලියකට ණය ලබා දුනි.

ඉන්පසු ධීවරයන්ට ස්වයං රැකියා කිරීම සඳහා ණය ක්‍රමද කාන්තාවන්ට අවම පොලියට ක්ෂණික ණයද ලබා දුනි.10404151_1601421406810263_5214062881885954996_n

ඉන්පසු රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධ වී කම්මල්තොට හා පෝරුතොට ධීවරයන් භාවිතා කල තහනම් පන්න අක්‍රීය කරමින් ඒ ධීවරයන් වෙනත් මසුන් ඇල්ලීමේ ක්‍රම සඳහා ආම්පන්න ලබා දුනි. තහනම් පන්න මගින් සිදුවන කොරල් පර විනාශවීම හා මුහුදට සිදුවන හානිය  අවම කරගන්න හැකි වුනි.  එහි සාර්ථකත්වය දැක එවකට හිටපු පල්ලන්සේන මීසම් පාලක එඩ්වඩ් කෝස්තා පියතුමාගේ අනුශාසකත්වය මැද ඩෙල්මා ආයතනය සමඟ සම්බන්ධ වී කම්මල්තොට පොරුතොට ගම්මාන වල ව්‍යාපෘති රැසක් මෙහෙයවීමට අවස්ථාව ලැබිනි. එහිදී ධීවර දරුවන්ගේ අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා පාඨමාලා ද, වෘත්තීය පාඨමාලා, මා ඔය හා හැමිල්ටන් ඇල ඛාදනය හේතුවෙන් ඒ දෙපස කඩොල් සිටවීමේ ව්‍යාපෘතියක්ද, කොම්පෝස්ට් පොහොර නිපදවීමට බඳුන් හා පරිසර හිතකාමි ව්‍යාපෘතිද , පෝරුතොට ධීවරයින් සඳහා අයිස් නිපදවීමේ යන්ත්‍රොපකරණ වැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක විනි. ඒ කාල සිමාව තුල ව්‍යාපාර වශයෙන් ධීවර ආම්පන්න , තෙල් ,අයිස් සියලු සේවා සපයනු ලැබීය.එහිදී කැල්ටෙක්ස් සමාගම එක්ව ලිහිසි තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට හැකිවිය.එමගින් කම්මල්තොට පොරුතොට හා පලගතුරය යන ගම්මාන වල තෙල් ව්‍යාපාරය කිරීමේ හැකියාව ලැබිනි.
මේ සියලු සේවාවන් සැපයීමට සමිතියට හැකිවිය.

වසර 25 සපිරෙන මේ වසර වන විට ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ධීවර ජනතාවගේ රැකියාව මෙන්ම පවුල් තත්වය හා දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමේහි ලා විශාල මෙහෙවරක් කරමින් තම රිදී ජුබිලිය සමරයි.  විවිධ රජයන් ඔස්සේ ධීවර අමාත්‍යංශ හරහා අධීක්ෂණය වෙමින් දේශපාලනීකරණය නොවී ඉදිරියෙන් ඉදිරියටම ගමන් කලේය.

11403019_1601421600143577_6687270648719033494_n11301352_1440643002908460_1964165396_n11421446_1440642929575134_11655526_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article