spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රු කෝටියක් වැයකර හොරට හදපු ”කොමා”ගේ නිළ නිවස තෙමෙනවලු !

Must read

sugath kumara(7.45 am ) මීගමුව මහනගර සභාව යනු නාස්තියට වංචාවට දුෂණයට කප් ගැසු තැනකි.
පසුගිය කාලය තුල මිගමුව මහනගර සභාවේ හිටපු කොමසාරිස් සුගත් කුමාර කඩිමුඩියේ රු කෝටියකටත් වැඩි මුදලක් වැය කරමින් නිල නිවසක් නගර සභා භුමිය තුල ඉදිකලේය.
පසගියදා ඔහු මිගමුවෙන් මාරුවක් ගෙන පොලොන්නරුවට යාමට පෙර කඩිමුඩියේ ගෙට ගෙවදිමක්ද සංවිධානය කර තිබුණි.
දැන් සියළු සාද හමාරය.
පොඩි වැස්සටත් මේ නිල නිවස දොරේ යන්න තෙමෙන බව නගර සභා සේවකයෝ පවසති.
මෙහි කොන්ත්‍රාත්කරු ලෙසින් කටයුතු කර ඇත්තේ ලංසා පාලනයේ අතිජාත ගජයෙකු වන සේන නැමැත්තෙකි.
කොමසාරිස්වරයා විසින් දිවුලපිටියේ අළුතින් ඉදිකරන ලද නිවසේ ඉදිකිරිම් කටයුතු සිදුකරන ලද්දෙද මේ කොන්ත්‍රාත්කරු විසින්මය.
නිල  නිවසයි කොමාගේ නිවසයි ඉදිකර තිබුනේ එකම කොන්ත්‍රාත්කරුවෙකු විසිනි.
දැන් සියල්ල පැහැදිලිය.ලංසා පාලනයෙන් සුගත් කුමාරලා බොහෝ දේ උගෙන ඇති බැව් වඩාත් හොදින් දැන් පැහැදිලිය,මේ කොමසාරිස්ගේ පාලනයේ විනාශය ගැන අප දිගින් දිගට කරුණු හෙළිදරව් කළෙමු.
ඒ ඔහු මිගමුවට නොව තම පවුලට පමණක් ආදරේ කරන බව මුල සිටම අප දැන සිටි බැවිනි.
(එහෙත් මිගමුවේ ඇතැම් ලොන්ඩරි මාධ්‍යකාරයන්ට නම් ඔහු මීගමුව මහනගර සභාවට විශාල මුදලක් ඉතිරි කොට ගිය අයෙකි.ගණිතඥයන් අවැසි තැනට නැට්ටුක්කාරයන් පැමිණි  විට සිදුවන්නේ මෙයයි.ඉඩම් බෝ‍කර්ලා දන්නේ ඉඩම් විකිණිමට පමණක් බවද යළිත් වරක් සනාථ වෙමින් තිබේ. විකිණිම යනු ඔහුගේ  රස්සාවයි)
මේ නිළ නිවසේ ගෘහ නිර්මාණ සැලැස්ම අමිල් නම් වු තාක්ෂණික නිළධාරියෙකු විසින් ඇද තිබුණි.
මීගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් කොමාසරිස් පාලනය විසින් කබාසිනියා කර ඇත්තේ මෙසේය.
දැන් ඉතිරිය වැනසිම සදහා ජනමතයෙන් පැරදුන පාලනය අරඹා තිබේ.
සේනලාද දැන් දිනපතා නගර සභාවේ කරක් ගසති.මිගමුවට සෙබස්තියන් මුනිදුන්ගේම පිහිටයි(සෙබස්තියන් මුනිතුමන්වද රවටන්නට දස්සයෝ දැන් බොහොමයක් සිටින බව ඊයේ දිනයේ ⁣හෙලිදරව්වි තිබේ.එදා ජේසු තුමන් කපටි පුජකයන් දැඩිලෙසින් විවේචනය කලේ ඇයිදැයි අපි යලිත් විමසා බැලිය යුතුව තිබේ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article