spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැලි හොරා අපට එපා ! යකඩ හොරා අපට එපා ! පිටිපන මහවිදුහලේ ඛේදවාචකය ?

Must read

DSC_0164(7.30 am ) මීගමුව  පිටිපන   මහ විද්‍යාලයට  අදාලව  මේ  දිනවල  විවිධ  කරුණු  පදනම්  කරගනිමින්   කෙරෙන  කතාබහ  කනින්  කොනින්  ඇසේ.
මේ  විද්‍යාලයේ  කඩා ඉවත්කළයුතු  ගොඩනැගිල්ලක්   කාලයක්  තිස්සේ  ප්‍රදේශවාසීන් ට ප්‍රශ්ණයක්  ලෙස  තිබින. මේ  සම්බන්ධව  වගකිවයුත්තන්ගේද  උනන්දුවක්  නොතිබින.
නමුත්  පසුව  ගුරුසංගම්  මැදිහත් වීම  නිසා  ගොඩනැගිල්ල  කඩා  ඉවත්  කර ගැනීමට  හැකිවූ  බව  පාසැල්  සංවර්ධන  කමිටුව  සහ  ප්‍රදේශ  වාසීන්  අප  සමග  පැවසීය.
මෙම  ගොඩ නැගිල්ල  ඉවත් කළ  ආකාරය  පිළිබඳව   ප්‍රදේශ වාසීන්  පවසන්නේ   අඩු  මුදලකට   මෙහි  කොන්ත්‍රාත්තුව භාරදීමට  තිබියදී   වැඩි  කොන්ත්‍රාත්තුවට  ගොනැගිල්ල  ඉවත්  කිරීමට තව  කෙනෙකුට  භාරදී  කලාප  අධ්‍යාපන  අධ්‍යක්ෂක   තමන්ගේ  හිතූ  මතයට  ක්‍රියා  කර  ඇති  බවයි.
පාසැල්  සංවර්ධන  කමිටුවේ  නිලධාරීන්  පවසන්නේ  මෙහි  සියළු  කටයුතු  සිදුකළේ  පාසැල්  සංවර්ධන  කමිටුවට  නොදන්වා  බවයි.
ඳඒ පිළිබඳව  කළාප  අධ්‍යක්ෂක  ගෙන්  විමසු  විට  ඔහු  කියා  ඇත්තේ  පාසැල්  සංවර්ධන  කමිටුව  විස්වාස  නිසා  එසේ  කළ  බවයි.  එමෙන්ම  මෙහි  තිබුනු  භාණ්ඩවල  වටිනාකම  රු.  ලක්ෂ  10ක්  පමණ  වූ  නමුත්  සටහන්  කර  තිබුනේ  184000 /ක්  බවත්,    එසේම  මෙම  ගොඩනැගිල්ල  තිබුනු  ස්ථානය  හාරමින්  වැලි  ටිපර්  15ක්  පමණ  ගෙනගිය  බවත්  මේ  නිසා  මෙම  ස්ථානය  විශාල  වතුර  වලක්  බවට  පත්වී  ඇති  බවත්  සඳහන්  කරයි. න්
23දා  පැවති  උද්ගෝෂණයේදී   පැමිණ  සිටි  ප්‍රදේශවාසීන්  අත  තිබුණු   දැන්වීම්  පුවරුවල  තිබුනේ   වැලි  හොරා  අපට  එපා,  යකඩ  හොරා  අපට  එපා,   කොන්ත්‍රාත්  හොරා  අපට එපා  වැනි  සටන්  පාඨය.
රටපුරා   හොරු  අල්ලන  කතා  අසා  ඇති  නිසා  මෙය  සාමාන්‍ය  දෙයක්  සේ  පෙනුනද   අසරණ  දුප්පත් පාසැල්  දරුවෙකු  අඹගෙඩියක්   කැඩීම   වැනි කුඩා  සිදුවීමක්   බරපතල  ලෙස  සළකා   ක්‍රියාකළ  ආකාරය  අපි  දැක්කෙමු. මේ  නිසා  නීතිය  පොඩි  තැනටත්  මහ තැනටත්  එකසේ  ක්‍රියාත්මක  විය  යුතු බව  අපගේ   විශ්වාසයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article