spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රු කෝටි ගණන ආදායම මහනගර සභාවට අහිමි කරන බිච් පාක් ටෙන්ඩරය මෙවරත් ලංසා පවුලටද ?

Must read

beach park 1මීගමුව වෙරළ උද්‍යානය යනු මිගමුවේ බදු ගෙවන ජනයාට සිය සේවාවන් සදහා රු කෝටි ගණනක ආදයමක් ලබාගත හැකි දැවැන්ත ආදායම් ලබන වැඩපිළිවෙලකි.
මිගමුව මහනගර සභාවට වාර්ෂිකව රු කෝටි ගණනින් මුදල් සෙවිමට මෙය ඉතා වැදගත්ම ටෙන්ඩරයකි.
තතු එසේව තිබියදි දැනටමත් දශකයකටත් වඩා වැඩි කාලයක්  වෙරළ උද්‍යානයෙන් හම්බකරගන්නේ මිගමුවේ එක්තරා පවුලකි.
මෙවරද  ඉල්ලුම්  කරුවෙකු  ලෙස  ඔවුන්  මැදිහත්වී  ඇත.  වෙනදා මෙන්ම  ඉල්ලුම්කරුගේ  නම  වෙනස්  එකකි.  එහි  සඳහන්  වන්නේ  එච්. ඩී. බුද්ධික  ධර්මේන්ද්‍ර  යන  නමකි.
නමුත්  සැබෑ  අයිතිය  ඇත්තේ  නගරාධිපතිවරයාගේ  පියාට  බව  ප්‍රසිද්ධ  රහසකි.  මෙවර  ඔවුන්  ඉල්ලා  සිටින්නේ  ටෙන්ඩර්  කැඳවීමකින්  තොරව  මෙහි  අයිතිය  මෙවර  ලබාදෙන  මෙන්ය.  එයට  දක්වන  හේතුව නම්  පසුගිය  කාලය තුළ  ඇතිවූ  බෝම්බ පිපිරීමේ  සිදුවීම  සහ  ඒ නිසා  පැමිණෙන  සෙනඟ  අඩුවීමයි.  රටේ  නීතිය  අනුව  ගනකාධිකාරිවරයාගේ  ඉල්ලීම  වන්නේ   ටෙන්ඩර්  කැඳවිය යුතු  බවයි.  එමෙන්ම  මෙම  ටෙන්ඩරය  දැමීම  සඳහා  තවත්  මාස  4ක  පමණ  කාලයක්  ඇත.  ඒනිසා  මේ  හදිස්සිය  කුමක්  නිසාදැයි  ප්‍රශ්ණ කළ යුතුව  තිබුණද එසේ ප්‍රශ්ණ කිරිමට මිගමුවේ නව එජාප සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන සමත් නැත.
මේ නිසාම ඔහුගේ නායකත්වය මත ක්‍රියාත්මක එජාප මන්ත්‍රිලා පිරිසද නිහඩය.
අදට නියමිතව ඇති මහසභා රැස්විමේදි මේ ගැන තින්දු ගැනිමට නියමිතය තිබේ.nimal - kavinda

වසර   ගනනාවක්  තිස්සේ  මෙහි  නඩත්තු  කටයුතු  සිදුවන්නේ  තමන්ගේ  පුද්ගලික  වියදම  මත යැයි   මේ සඳහා  ඉල්ලුම්  කරන  ලිපියේ  දක්වා  ඇත.  නමුත්   මීගමුව  නගරසභාවේ  සේවකයින්  විසින්  එම  කටයුතු  සිදුකරනබවට  තොරතුරු  අපට  ලැබී  ඇත. මෙවැනි  දේවල්  සිදුවන  නගරසභාවේ  ඊට  විරුද්ධව  කිසිදු  හඬක්  නැගිමට  එ. ජා. ප. හෝ  ජේ. වී. පී වැනි  කිසිදු  පක්ෂයක්  ඉදිරිපත්වන්නේ  නැත.  නමුත්  එක්තරා  කාලයක  ජ. වි. පෙ.  සිටි එකම   සාමාජිකයා වූ  ශිරාන්  මන්ත්‍රීවරයා  විවිධ  ප්‍රශ්ණ  ඉදිරියේ විරුද්ධත්වය ප්‍රකාශකරමින්   ක්‍රියාත්මකවූ  ආකාරය  අපි  දැක්කෙමු.  අද  මේ  අය  නගරාධිපතිවරයාගේ  ජනතාද්‍රෝහී  ක්‍රියාවන්හිදී   ගොළුවන්  බිහිරන්  සේ  හැසිරෙයි.  රටේ  බලය  ඉල්ලා සිටින  මේ  අය  ගමේ  සිදුවන  මෙවැනි  දේවල්  තුළ  වගකීමක්  ඇති අය  ලෙස  ජනතාවට  දෙන  පනිවිඩය  කුමක්දැයි  ඇසිය යුතුව  ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article