spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රෝද තුනට මීටරයක් …….කැමතිද? අකමැතිද?

Must read

 

z_p17-Policy-02  මගී ප්‍රවාහනය  සඳහා   ත්‍රීවිලය  අද  නැතිවම  බැරි  වාහනයකි.  සෑම  නගරයකම    ත්‍රීවිල්  මගින්  සිදුකරන    ප්‍රවාහන  කටයුතු   සේවාවක්  ලෙස  පවත්වාගෙන  යයි.  පවතින  ගැටළු  විසඳා ගනිමින්   ඔවුන්  අද  ත්‍රීවිල්  සමීතිද  පිහිටුවාගෙන  ඇත.  මෙම  ප්‍රවාහණ  ක්‍රියාවලියේ  දී   විවිධ  ගැටළු  මගීන්ගේ   පැත්තෙන්  සහ  ත්‍රිවිල්  රියදුරන්ගේ  පැත්තෙන්   විවිධ  ආකාරයෙන්   ඉදිරිපත්වන  බව  අප  කව්රුත්  දන්නා  කරුණකි. මීගමුව  නගරයේ  ත්‍රිවිල්  රියදුරන්  සඳහා   මීටරයක්  ලබාදීමේ  උත්සවයක්  2017  දෙසැම්බර්  01 වන දින  මීගමුව  පොලීසියේ   මෙහෙයවීමෙන්  පවත්වන  ලදී.  රජයෙන්  මෙම  වැඩපිළිවෙල   යොදා  ගෙන  ඇත්තේ  අයකරන  ගාස්තු  ප්‍රශ්ණයට  විසªමක්  වශයෙනි.  මෙසේ  මීටරයක්  සවිකිරීමට   යෝජනා  වුවද  මේ  ගැන  කැමති  සහ  අකමැති  යනුවෙන්  බෙදීමක්  පවතින  බව  පෙනේ.  අප  මේ  පිළිබඳව   අදහස්  දැනගැනීම  උදෙසා  මීගමුව  බස්නැවතුම්පළ   අසල  ත්‍රිවිල්  සංගමයේ   සභාපති  ,  උප සභාපති  යන  දෙදෙනා   සහ  තවත්  ත්‍රිවිල්  රියදුරෙකු  සමඟ  කථාබහක  යෙදුනෙමු.  පළමුව  අපි  කථාබහ  කළේ   ත්‍රිවිල්  සංගමයේ උප  සභාපති  විජේ  මහතා  සමඟයි.

d1495fd50aec8a7f22f99ef1d7dfe1a1_L

ත්‍රීවිල්  සදහා   මීටරයක්  සවිකිරීමට  ගත්  තීරණය  ගැන  ඔබේ  අදහස  කුමක්ද?

මේ  වැඩේ  හොඳයි.  නමුත්  කොළඹ  අයට  වගේ  අපිට  යොදාගන්න  අමාරුයි.  මේක  කව්රුත්  තේරුම්  ගන්න  ඕන.කොළඹ  අය  එහෙන් දාල  මෙහෙන්දාල  ගාන  හොයාගන්නව.  නමුත්  අපියන්නෙ  ළග ළග.

තැන්වලට. උසාවියට ,  ස්කෝලෙට  බන්ධනාගාරයට  වගේ. එහෙම  ගිහිල්ල  මගීන්  බස්සල  ආපහු  TURN  එකට  ඉන්න  ඕන.  සමහර  වෙලාවට   පේන  දුරින්  බැස්සහම  ගන්නෙ  රු.60යි.මෙහෙ  ඉතින්  අඩියෙන්  අඩිය  ත්‍රිවිල්  පාක්නෙ.    දුර ගමන්  වලදි නම්  හොඳයි.  එදා  රු.300  නම්  අද  රු. 360ක්  ලැබෙනවා.

සභාපති  සුරේශ් මහතා

මීටරය  හොඳයි. මට කියන්න  තියෙන්නෙත්  විජේ  කිව්ව  ටික  තමයි.  අපි  61  දෙනෙක්  ඉන්නවා  .40  යයි  දුවන්නෙ.සමීතියක්  පිහිටෙව්ව  1995දි.    සමහරු  මීටරයට  කැමතියි.  සමහරු  කැමති නෑ  සමහර  මගීනුත්  කැමති නෑ.  අපිනම්  මීටරය  අනුව  තමයි  දුවන්නෙ.ළඟ ගමන්  වලට  නම්  මීටරය  දාන්නෙ නෑ.

ත්‍රිවිල්  රියදුරෙකුවූ   සමන්  මහතා

මීටරය  හොඳයි.  මේක  යොදාගැනීම  අපහසු  අවස්ථා  තිබෙනවා.   පාසැල්  ඇරුනු  වෙලාවට,  නත්තල්  කාලෙට, one  way   ක්‍රියාත්මක  වෙන  වෙලාවට   අපහසුයි.පළමු  කි.මීටරයට  රු.60ක්  අයකරනවා.  ඉන්පස්සෙ  රු.40යයි. අපි රු. 100  න්මෙහා  මීටරය  යොදා ගන්නෙනෑ.ඉතින්  බොහොම  අමාරුවෙන්  තමයි  මේ  රස්සාව  කරන්නෙ.  හැබැයි  මීටරය  නිසා  මගීන්ගෙන්  බැනුම්  අහන  ප්‍රමාණය  අඩුයි.

නෙවිල්  ප්‍රනාන්දු (අවු. 57)

4701   අංකය  දරන   ත්‍රිවිලයේ  අයිතිකරු  ප්‍රකාශකරන්නේ   මෙවැනි  අදහසකි.

කැමති  වුනත්  මෙහෙට  අමාරුයි.  දුරගමන්  වලදි  නම්  හොදයි.  ඒ වුනත්  මේ  මීගමුවෙ  අපට  යන්න  තියෙන්නෙ  කිලෝමීටර්   එකක්  වගේ  සීමාවක .  මීටර්  200   න්  200ට ත්‍රිවිල්  පාක්  තියෙනවා.ඒනිසා  අපට  ඒ තැන්වලින්  හයර්  ගන්න  බෑ. එහෙම  ගත්තොත්  රංඩු  තමයි.

Y Z –O788  දරන ත්‍රිවිලයේ  ප්‍රදීප්  පවසන්නේද   එම  අදහසම  බව .

මේ  පිළිබඳව  මගීන්  ගේ  අදහස  එකිනෙකා  සමග  කරන ලද  සාකච්ඡාවලට   අනුව  සිදුවිය.  මේ  අනුව  මීටර්  සවිකිරීම  සාධනීය  විසඳුමක්  බව  පොදු  අදහස  ලෙස  මතුවිය. මෙහිදී   මීටර  සවිකිරීමට  පක්ෂව  කැමැත්ත   නාමිකව    වශයෙන්  අදහස්  දැක්වූ  අය  මීට  කැමැත්ත  ප්‍රකාශ  කරන  ලදී. බහුතරයක්  වූ   මගීන්  නියෝජනය  කරන්නේ   මිටර්  සවිකළයුතුය  යන  අදහස  බව  සමාජමය  නිරීක්ෂණයෙන්   අවබෝධ  කරගත හැක.

විවිධ   කරුණු  ගෙනහැර  පාමින්  මෙම  ත්‍රිවිල්  රියදුරන්  අදහස්  දක්වන්නේ  මෙය  මෙම   ප්‍රදේශයේ  තත්වයට  අනුව  නොගැලපෙන  බවයි.  නමුත්  සමහර  රියදුරන්ගේ   ස්වභාවය,  අයකරන  මුදල  තීරණය  කරන  ආකාරය  යනාදී  සියළු  කරුණු ද  මෙම  ප්‍රවාහන  ක්‍රියාවලියේ   ගැටළු  මතුකරන බව  පෙනේ.  ඒනිසා   මගීන්ගේ   බහුතරයකගේ  පැත්තෙන්   කරුණු   ඉදිරිපත්වන්නේ    මීටරයක්  සවිකිරීම   යෝග්‍ය  බවටයි.

කෙසේ  නමුත්  මීගමුව  යනු  විශාල  ජනගහනයක්  නිතර  ගැවසෙන  නගරයක්  සහ  සංචාරක  පුරවරයක්  ලෙස  විදේශිකයින්   ගැවසෙන  ස්ථානයක්   වන බැවින්   අයතා  ලෙස  මගී  ප්‍රවාහන  කටයුතු  සිදුනොවීම  සදහා  මීටරයක්  සවිකිරීම  කාලෝචිත   විසඳුමක්   වන  බහුතරයකගේ  අදහසයි.


සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article