spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංකාවේ දූෂිතම බන්ධනාගාරය මීගමුවද ? සුදර්ශණි මුහුණ දෙන පළමු අභියෝගය ?

Must read

sudarshani 3විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ද (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පසුගිය දා මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරීන් පිරිසක් මෙසේ  වැඩ තහනමට ලක්ව ඇත.

ඔවුන් 15 දෙනා අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරු දෙදෙනෙක්, ජේලර්වරයෙක් ද වන සඳහන්ය.

ඒ ඒ ආයතනවල අධිකාරිවරු, බන්ධනාගාර බුද්ධි අංශ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගනු ලැබූ යම් යම් කරුණු මත පදනම්ව සිදුකළ මූලික විමර්ශනවලට අනුකූලව මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

මීගමුව හා බූස්ස බන්ධනාගාරවල සිටින, සිය පරිපාලනයට සහයෝගය නොදෙන හා සිරකරුවන් සමග යම් යම් සබඳතා පවත්වන බවට අනාවරණය වී ඇති නිලධාරීන් ද මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමු කර ඇත.

මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් 9 දෙනෙකු හා බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකු මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමුකර ඇති බව ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම බන්ධනාගාරය ක්ෂේත්‍රය කුප්‍රකට උසස් නිළධාරියෙකු ලෙස මිගමුවේ බන්ධනාගාර අධිකාරි සම්පයෝ ගැන රටම කථා කරන්නට පටන් ගති.ඔහුමෙට විශේෂ වරප්‍රසාද සැපයි බවට දැනටමත් මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් වෙතද බරපතල චෝදනා එල්ල වි තිබෙන අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් අධිකරණය හමුවේ කියා සිටියේ පොලිස්පතිවරයා මේ ගැන අවධානය යොමුකළ යුතු බවය.
මේ අතර බන්ධනාගාර පිළිබදව රාජ්‍ය ඇමතිධුරය ලැබුනේ  විශේෂඥ වෛද්‍ය සුදර්ශණි පුල්ලේ හටය. මිගමුව යනු ඇගේ යාබදම නගරයයි.
දැනටමත් රටේ දුෂිතම බන්ධනාගාරය ලෙසින් හංවඩු ගැසි ඇති මිගමුවේ බන්ධනාගාරය නීති ගරුක තැනක් බවට පත්කිරිමට ඇයට හැකිවේදැයි දැන් මතුව ඇති අභියෝගයයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article